ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    "The Orchidist" විවෘත වෙයි

    අගෝස්තු 15, 2014
    දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ඕකිඩ් මල් සඳහා "The Orchidist" ඕකිඩ් මල් ප්‍රදර්ශනාගාරය ඊයේ (14)  පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 හෝර්ටන් පෙදෙස, නො. 93 දරණ ස්ථානයේ දී විවෘත විය.
     
    දැනට ලෝකයේ උත්සව අවස්ථාවන් සඳහා වැඩි වශයෙන් භාවිත වන මල ඕකිඩ් ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. විවාහ උත්සව, උපන්දින සාද ඇතුළු සෑම උත්සව අවස්ථාවක් සඳහා මෙන්ම ඕනෑම සැමරුම් අවස්ථාවක් සඳහා අනර්ඝතම ඕකිඩ් මල් මෙම නව ප්‍රදර්ශනාගරයෙන් පාරිභෝගිකයාට ලබා ගැනීමේ හැකියාව පවතී. අලංකාර මෙන්ම විසිතුරු පෙනුමකින් සමන්විත මෙම ඕකිඩ් මල් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ තුළද ආකර්ෂණීය ඉල්ලුමක් පවතී. 
     
    එසේම ලාංකේය වෙළෙඳපොළ තුළ ඕකිඩ් මල් සැපයීම ප්‍රමාණවත් මට්ටමින් නොපවතින අතර, එයට විසඳුමක් ලෙසත් සංචාරයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම මඟින් සංචාරක කර්මාන්තයේ දියුණුවටත් මෙම නව ප්‍රදර්ශනාගාරය ඉවහල් වේ. ලංකාවේ ඕකිඩ් මල් සඳහා ම වෙන් වු පළමු සහ එකම ප්‍රදර්ශනාගාරය ද මෙය වෙයි.
     
    ශ්‍රී ලංකාවේදී ඕකිඩ් මල "උඩවැඩියා" නමින්ද හඳුන්වයි. ශ්‍රී ලංකාවට ආවේණික හා ජාත්‍යන්තරයේ වැඩි ඉල්ලුමක් පවතින ආකර්ෂණීය ඕකිඩ් මල් හා පැළ මෙන් ම උත්සව අවස්ථාවන්හිදී අවශ්‍ය සැරසිලි සඳහා සේවාවන් ද මෙම නව ප්‍රදර්ශනාගාරය ඔස්සේ පාරිභෝගිකයාට ලබා ගත හැකිය.
     
    ඕකිඩ් මල සුවඳවත් මලක් නොවන අතර ලෝකයේ සුවඳ ඇති ඕකිඩ් මල් වර්ග 5ක් පමණ තිබේ. මෙම නව ප්‍රදර්ශනාගාරය ඔස්සේ ලාංකිකයන්ට එම මල් වර්ග 5ම ලංකාවේ දී ලබාගැනීමේ අවස්ථාව උදා වේ.
     
    සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා ලොතරැයි මණ්ඩලයේ සභාපති සමින්ද අතලුවගේ, විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මහින්ද ඉලේපෙරුම, යුද හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, ප්‍රදීප් ගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    IMG 9078

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya