ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානිවු නිවාසවලට වන්දි

    අගෝස්තු 29, 2014

    හඟුරන්කෙත ප‍්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාසවලට සිදු වු අලාභහානි වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කිරීම නුවරඑළිය දිස්ති‍්‍රක් නායක හා පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ මුලිකත්වයෙන් පසුගියදා හඟුරන්කෙත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී  සිදු කෙරිණ.


    මෙහිදී පුද්ගලයන් 108 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබාදීම සිදු විය.
     

    මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති එස්.බී. රත්නායක, හඟුරන්කෙත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජයරත්න දිසානායක, හඟුරන්කෙත ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රදීප් සුමනසේකර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya