ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වයඹ පළාතට නවීන පහසුකම් සහිත භාෂාගාරයක්

    අගෝස්තු 29, 2014
    වයඹ පළාතේ රාජ්‍ය සේවකයින් සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පුහුණුව ලැබිය හැකි නවීන පහසුකම් සහිත විද්‍යානුකූල භාෂාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන ලෙස වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දෙන ලදී.

    අදාළ උපදෙස් ලබා දෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අද (29) කුරුණෑගල සමුපකාර මන්දිරයේදී පැවති රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් දැනුවත් කිරීමේ දේශන මාලාවට එක්වෙමිනි.
     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වයඹ ප්‍රධාන අමාත්‍යවරයා, “අපේ පළාතේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතීන් රාජ්‍ය සේවයේ නියුතු බහුතරයක් සිටිනවා. ඔවුන් සඳහා ද්වීතීයක භාෂාවන් ප්‍රගුණ කිරීමට අපි කටයුතු කළ යුතු වෙනවා. පාසල්වල දරුවන් 27,000කට අධික ප්‍රමාණයකුත් රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 4ක පමණ පිරිසකුත් අප පළාතේ සිටිනවා. ඊට අමතරව පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් 400ක් පමණ පිරිසකුත් අපේ පළාතේ සිටිනවා. ඔවුන් සියලුදෙනා  සඳහා විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව සහ දෙමළ භාෂාවන් ප්‍රගුණ කිරීම අද අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වෙලා තියනවා.

    නවීන තාක්ෂණයත් සමඟ දියුණුවන ලෝකයේ ඉදිරියට යාමටත් විශේෂයෙන්ම ජාතික සමගිය හා සහෝදරත්වය වැඩි දියුණු කරගැනීමත් උදෙසා විවිධ භාෂාවන් ඉගෙනීම යුගයේ අත්‍යවශ්‍යතාවක්.”

    මෙම අවස්ථාවට වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක, වයඹ පළාතේ විපක්ෂ නායක ජේ.සී. අලවතුවල ඇතුළු පළාතේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් සහ සම්පත්දායක පුද්ගලයින් ලෙස මානව හිමිකම් කොමසාරිස්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ප්‍රතිභා මහානාමහේවා, රාජ්‍ය භාෂා කොමසාරිස් ජේ.ඩී.සී. ජයසිංහ, රාජ්‍ය භාෂා කොමිෂන් සභා සභාපති නිමල් රණවක, ජාතික පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් හේරත්, සමාජ එකාබද්ධතාවන් පරිවර්තනය උදෙසා ආරම්භයට පහසු කරන ව්‍යාපෘතියේ (SLICT) අධ්‍යක්ෂිකා දයානි පූනාගොඩ, වයඹ ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න යන මහත්ම මහත්මීහූ ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක්ද සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya