මොණරාගල දිස්ත්‍රික්කයේ මො/ ඔබ්බෙගොඩ මධ්‍ය මහා විද්‍යාලය හා මො/ බකිණිගහවෙල මුස්ලිම් මහා විද්‍යාලය, මො/යශෝධරා බාලිකා විද්‍යාලය ( බිබිල බාලිකා විද්‍යාලය) මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර අනිද්දා (31) සිසු අයිතියට පත්කිරීමට නියමිතය.
සියඹලාණ්ඩුවේ මො/ දොඹගහවෙල මධ්‍ය මහා විද්‍යාලය, බඩල්කුඹුරේ මො/ මැදිරිය මධ්‍ය මහා විද්‍යාලය, මොනරාගල මො/ විපුලානන්ද දෙමළ විද්‍යාලය යන විද්‍යාලවල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සැප්තැම්බර් 01 දින සිසු අයිතියට පත් කෙරේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ බ/බිබිලේගම මහා විද්‍යාලය, බ/ගෝනකැලේ දෙමළ මහා විද්‍යාලය, බ/පස්සර මධ්‍ය මහා විද්‍යාලය, බ/ලුනුගල රාමක්‍රිෂ්ණ මහා විද්‍යාලය යනාදියේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සැප්තැම්බර් 03 දින සිසු අයිතියට පත් කිරීමට නියමිතය.
වැල්ලවායේ මො/මල්ලත්තාවල මධ්‍ය මහා විද්‍යාලයේ සහ බුත්තල මො/දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සැප්තැම්බර් 04 විවෘත කරන අතර සෙවණගල මො/ කිරිඉබ්බන්වැව බණ්ඩාරණායක මධ්‍ය මහා විද්‍යාලය, සෙවණගල මො/කොවුල්ආරගම මහා විද්‍යාලය, සෙවණගල මො/ සෙවණගල මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වල ද මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සැප්තැම්බර් 05 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් විවෘත කිරීමට නියමිතය.
මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය.
මෙම අවස්ථාවන් සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගිවීමට නියමිතය.
NDH/kpm



















