ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අච්චුවේලි කර්මාන්ත පුරයෙන් උතුරේ රැකියා ප්‍රශ්නයට විසඳුම්

    අගෝස්තු 30, 2014
    පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් විනාශ කර තිබු යාපනය අච්චුවේලි කර්මාන්ත පුරය නැවත ආරම්භ කිරීමට මෙම රජය කටයුතු කළ බවද මේ තුළින් උතුරේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විශාල වශයෙන් විසඳුම් ලබා දීමට හැකියාව තිබෙන බවද දැනටමත් ආරම්භ කර තිබෙන කර්මාන්ත ශාලාවලින් 5000කට අධික පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට හැකියාව තිබෙන බවද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේය. 
                                                                                                                             
    මෙම කර්මාන්තපුරය නැවත ආරම්භ කිරීමට රුපියල් මිලියන 275ක් වැය වූ බවද ඉන්දියානු රජයෙන් මේ සඳහා රු. මිලියන 250 ක් හා ශ්‍රී ලංකා රජයෙන් රු. මිලියන 50 ක් දායකත්වයක් සපයා දී තිබෙන බවද ප්‍රකාශ කළේය. 
     
    ඉන්දීය රජය උතුරේ ජනතාවගේ සංවර්ධනය උදෙසා ලබා දෙන ආධාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා උතුරේ ජනතාව වෙනුවෙන් ඉන්දීය රජයට ස්තූතිවන්ත වන බව අමාත්‍යවරයා පැවසුවේය.
     
    පසුගියදා ඉන්දීය අගමැති මෝදී මහතා හමුවු දෙමළ සන්ධානයේ නායකයන්ට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුල්කර ගනිමින් මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙස එතුමා දුන් උපදෙස් සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමාට ස්තූතිවන්ත වන බවද තමන් සහ තම පක්ෂය වන ඊ.පී.ඩී.පී.ය විසින් දීර්ඝ කාලයක් තිස්සේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස 13 වැනි සංශෝධනය නිසියාකාරව ක්‍රියාත්මක කර ගැනීමට විශාල අරගලයක් කරගෙන ගිය බවත් ඒ අවස්ථාවේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඵල රහිත බව කියමින් කටයුතු කළ දෙමළ සන්ධානයට ඉන්දීය අගමැතිවරයා කදිම උපදෙසක් ලබා දී ඇති බව ද ප්‍රකාශ කළේය. 
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මෙම කර්මාන්තපුරය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවේ දී ය.
     
    මෙම අවස්ථාවට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝතී, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති එන්. රාජාබ්දීන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya