ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවේ පාසල් 128කට අද සිට දියර කිරි

    සැප්තැම්බර් 01, 2014
    සබරගමුවේ පාසැල් 128ක ළමුන් 28,953කට අද (01) පටන් දිනපතා දියර කිරි වේලක් ලබා දීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන තිබේ. 
     
    දිවා ආහාරය ලබාදෙන ප්‍රාථමික පාසැල්වලට අමතරව, එම අවස්ථාව නොලද දිවයින පුරා ප්‍රාථමික පාසල්වලට දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රියාත්මක කරයි.
     
    මේ යටතේ සබරගමුව පළාතේ ප්‍රාථමික පාසැල් 128ක දරුවන් 28,953ක් සඳහා දියර කිරි 
    ලබාදීමේ වැඩපිළිවෙළ අද (01) එම ජාතික වැඩසටහනට සමගාමීව ආරම්භ විය.
     
    දැනටමත් සබරගමුව පළාතේ ප්‍රාථමික පාසැල් 870ක දරුවන් 84,257ක් සඳහා දිවා ආහාරය ලබාදෙන අතර එම අවස්ථාව අහිමි පළාතේ ප්‍රාථමික පාසැල් 128 කට අද (01) පටන් දියර කිරි ලබාදීම  අඛණ්ඩව සිදු කරන බව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    මෙම වැඩසටහන් සමාරම්භක අවස්ථාව කෑගල්ල ශාන්ත මරියා දමිළ විද්‍යාලයේ දී සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    මෙම විද්‍යාලයට අමතරව කෑගල්ල අධ්‍යාපන කලාපයේ  පාසැල් 09ක් මෙම වැඩපිළිවෙළට තෝරාගෙන ඇති අතර එකී පාසැල් හි ළමුන් 1715ක් මෙකී දියර කිරි පෝෂණ වැඩපිළිවෙළේ ප්‍රතිලාභ ලබති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya