ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සිසු දරු දැරියන් සඳහා "සිසු පෝෂ"

    සැප්තැම්බර් 02, 2014
    කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය ජනතාව අතර දේශීය ආහාර ප‍්‍රචලිත කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ආයතනයකි. රස ගුණ පිරි දේශීය ආහාර නව මුහුණුවරකින් හඳුන්වා දුන් ජාතික ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය ගර්භනී මව්වරුන් වෙනුවෙන් මව්පෝෂ සහ කුඩා දරුවන් වෙනුවෙන් සුවපෝෂ හඳුන්වා දුන්නේය. එම වැඩසටහනේ තවත් පියවරක් ලෙස සිසු දරු දැරියන්ගේ පෝෂණය නංවාලමින්, නිරෝගී ක‍්‍රියාශීලී දරු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථයෙන් "සිසු පෝෂ" හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. 


    "සිසු පෝෂ"  හඳුන්වා දීමේ සමාරම්භක උත්සවය හෙට (03) පෙ.ව. 10.00ට අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.

     

    බොහෝ පාසල් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බැව් සමීක්ෂණවලින් වාර්තා වී ඇති අතර එයට මූලික ම හේතුව වන්නේ සිසු දරුවන් උදෑසන ආහාරය ලබා ගැනීමෙන් වැළකී සිටීමයි. ධාන්‍ය වර්ග කිහිපයක එකතුව සමඟ පහසුවෙන් රසවිඳිය හැකි සිසු පෝෂ පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීමට විශේෂයෙන් සකස් කරන ලද්දකි. දේශයේ සිසු පරපුර වෙත රස ගුණ පිරි සමබර ආහාර වේලක් ලබාදීම සඳහා ජාතික ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය හඳුන්වා දෙන සිසු පෝෂ ජනප‍්‍රිය ආහාරයක් වනු ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශ්වාසයයි.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya