ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වේදිකාවේ දී බොරුවට ඉඹ ගෙන වේදිකාවෙන් බැහැලා යනකොට ගහ ගන්නා අය එජාපයේ ඉන්නේ

    සැප්තැම්බර් 03, 2014
    එජාපය කියන්නේ හිස් ටින් එකක් වන අතර මේකේ වැඩිපුරම ඉන්නේ බකට් කාරයෝ බවත් වේදිකාවේ දී බොරුවට ඉඹ ගෙන වේදිකාවෙන් බැහැලා යනකොට ගහ ගන්නා බවත් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 


    ඒ මහතා මෙසේ පැවසුවේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ අඩු අදායම්ලාභීන්ට සරණක් වීම වෙනුවෙන් චන්දිම වීරක්කොඩි පදනමේ ගාල්ල ආසනයේ හමුව සඳහා එක්වෙමිනි. මෙම හමුව පසුගියදා මකුළුව සුනෙරු ලංකා හොටලයේ දී පැවැත්විණි. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය කතානායකවරයා මෙසේ ද පැවසීය. "රටට කිසිම වැඩක් නැති මේ අයට හොඳයි අයිස් බකට් නාවනවා වගේ වැඩ. ඇයි වැඩිපුරම කැමති මේ අය අයිස් ගහන්න. නායකයාගේ සිට පහළ දක්වා අයිස් ගහන අය එජාපයේ රැඳී ඉන්නවා. ඉතුරු අය අපේ පැත්තට එනවා. ඒ අය දන්නවා මේ නායකයා එක්ක ජනතාවට වැඩක් කරනවාට වඩා වෙන්නේ අයිස් ගහ ගහා ඉන්න එක පමණක් බව“ යනුවෙන් පැවසීය.

    ඌව මැතිවරණය සාමාන්‍ය මිනිස්සුන්ගේ වචනයෙන් කියනවා නම් අපිට ගේමක් නැති මැතිවරණයක්. අද මෙලෝ වැඩක් නැති විපක්ෂය මිනිස්සුන්ට මොනවා හරි බොරුවක් කියලා රජය අපහසුතාවට පත් කරන්න හදනවා. ඕනෑම සංවර්ධන වැඩක මේ අය දකින්නේම වැරැද්දක්. විපක්ෂය වුණාම වැරදි දකින්න ඕනෑ. නමුත් දියුණු වෙන රටක දියුණු වෙන දේවල් දිහා කුහකත්වයෙන් නොබැලිය යුතුයි. මේ කුහකත්වය නිසා මේ රටේ මේ ඉන්න විපක්ෂයේ පක්ෂවලට මේ ආත්මේ තියා ලබන ආත්මේවත් ආණ්ඩු බලයක් ලබා ගැනීම සිහිනක්ම වෙනවා. අඩුම ගානේ හොඳයි කියන එක දෙයක්වත් මේ අයගේ මුවින් පිටවෙන්නේ නෑ. 

    ඇයි ඔවුන් කවදාවත් රටේ සංවර්ධනයට ඒවා යොදවන්නේ නෑ. නමුත් රජයේ මන්ත‍්‍රීවරයෙක් වියදම් කරන සෑම සතයකින් ම රටේ ජනතාවට සෙතක් වෙනවා. වැඩ කරන කොට එහේ මෙහේ යන්න වෙනවා. ඒවා බලන්න වෙනවා. මින්ස්සු හම්බවෙන්න වෙනවා, මිනිස්සුන්ගේ ප‍්‍රශ්න විසඳිය යුතු වෙනවා. ඒවා කරන්නේ නැත්නම් ජනතා නියෝජිතයෙක් මොකටද? මේ රජය වීදුරු කාමරවල ඉඳන් සංවර්ධන යෝජනා ක‍්‍රියාත්මක කරන රජයක් නෙවෙයි. ගොවිජනතාව සමඟ රටේ ජනතාව සමඟ ඔවුන්ගේ අවශ්‍යතා උදෙසා වැඩ කරන රජයක් එහෙම ඉන්න නිසා මේ රජය කිසි විටක මැතිවරණවලට බය නෑ. අද මැතිවරණවලට බය ලෝකයේ ඉන්න එකම විපක්ෂය සහ විපක්ෂ නායකයා ඉන්න අපේ රටේ විපක්ෂ නායකයායි. එතුමා කැමති මැතිවරණ නැතිව තියෙනවට" යැයි ද ඔහු කීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya