ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ දිස්ත්‍රික් ධීවර ස්වයං රැකියාකරුවන්ට විශේෂ පුහුණුවක්

    සැප්තැම්බර් 04, 2014

    ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව ස්වයංරැකියාවල නියුතු පුද්ගලයන් සඳහා මිරිදිය හා විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ වැඩිදුර පුහුණුවක් ලබාදීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කලාවැව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේදී සිදු කෙරිණි. 


    ජලජීවී වගාව හා ජලජ පැළෑටි වගා කර්මාන්ත මඟින් රටට විශාල විදේශ විනිමයක් උපයාගත හැකි වේ. පවුලේ ආර්ථීකය ඉහළ නංවා ගැනීමටද හැකිවන බැවින් කර්මාන්තය රට තුළ  ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව ධීවර අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති මෙම වැඩපිළිවෙළ වඩාත් ඵලදායී ලෙස කරගෙන යාම සඳහා අවශ්‍ය තාක‍්ෂණික හා විශේෂඥ දැනුම ලබාදීම මෙහිදී සිදු විය.


    මෙම තෙදින වැඩමුළුව සඳහා එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය රට තුළ ප්‍රචලිත කිරීම හා ඒ තුළින් රටේ ජනතාවගේ ආර්ථීකය නංවාලීමට හැකි වේ. ඒ සඳහා ධීවර අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම සහය ලබා දෙන බවත් මෙම කර්මාන්තය තුළ නියැළීම මහත් තෘප්තියක් ගෙන දෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම වැඩමුළුවට ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හා ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තයේ නියැළෙන පිරිසක් එක්ව සිටියහ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya