ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රජා මූල බැංකු මගින් ප්‍රතිලාභීන් ලක්ෂයකට හිතට සහනයක්

    සැප්තැම්බර් 04, 2014
    දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමය අරඹා සිව් දිනක් තුළ දී රට පුරා පිහිටි දිවි නැගුම ප්‍රජා මූල බැංකු මගින් ප්‍රතිලාභීන් ලක්ෂයකට ආසන්න පිරිසකට රුපියල් 50,000ක උපරිමයකට යටත් ව ණය ලබාදී තිබේ. 
     
    දිවි නැගුම සහන අරුණ වැඩසටහන ආරම්භ කළේ ඉකුත් සැප්තැම්බර් 01වැනිදාය.
     
    මෙම ප්‍රතිලාභීන්ට අසුරු සැනින් මෙසේ මුදල් ලබාදී ඇත්තේ ඇපකරුවන්, වයස් සීමාවන්, බැඳුම්කර සහ අමතර ලියකියවිලි නොමැති ව ය. ප්‍රතිලාභීන් ලක්ෂ 27ක් මෙම යෝජනා ක්‍රමයෙන් ණය ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා ළඟම පිහිටි ප්‍රජා මූල බැංකු වෙතට පැමිණිය යුතු වේ.  
     
    දිවි නැගුම සහන අරුණ අරමුදලින් ප්‍රතිලාභීන් මුදල් ලබාගෙන ඇත්තේ කෘෂි, පශු සම්පත්, ධීවර සහ ගෘහ ආර්ථික අංශයන්හි ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සහ වැඩිදියුණු කරගැනීම සඳහාය. 
     
    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 327ක පිහිටි දිවි නැගුම ප්‍රජා මූල බැංකු 1073 මගින් ප්‍රතිලාභීන් දස ලක්ෂයකට අධික පිරිසක් මෙම මාසය තුළ දී සහන අරුණ යෝජනා ක්‍රමයට දායක වනු ඇතැයි විශ්වාස කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya