ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පතන බෝගහවත්ත අත්පන්දු ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණයට

    සැප්තැම්බර් 05, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පතන බෝගහවත්ත, පහත කොටසේ කාලයක් තිස්සේ නඩත්තු නොකර පැවැතුණ අත්පන්දු ක්‍රීඩංගණය ප්‍රතිසංස්කරණ කොට ජනතා අයිතියට පත් කිරීම පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩාමන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.


    පශු සම්පත්  අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1.5කට අධික වියදමින් යුතු ව දැල් ආවරණ ගසා මෙම ක්‍රීඩංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.

    ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව ක්‍රීඩාංගණය විවෘත කළ අවස්ථාවේදී  පතන වතු යායේ වෙසෙන ක්‍රීඩකයෝ එහි ක්‍රීඩා කිරීම ආරම්භ කළහ.


    මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් සභාපති, ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය එම්.රාම් සහ මධ්‍යම පළාත් මන්ත්‍රීවරුන් වන එම්. රාම්, පිලිප් කුමාර් , එම්.රමේෂ්  හා ඒ.පී.ශක්තිවේල් හා කනපති කනගරාජ් යන මහත්වරු ද  PHDT උසස් නිලධාරිහු ද ප්‍රදේශවාසි ජනතාව ද සහභාගි වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya