ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2015 දැයට කිරුළ මාතර දිස්ත‍්‍රික් ප‍්‍රගති සමාලෝචන රැස්වීම

    සැප්තැම්බර් 06, 2014
    ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහන හා  දැයට කිරුළ ප‍්‍රදර්ශනය පිළිබඳ ව මාතර දිස්ත‍්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් සමඟ ඉදිරි කටයුතු හා ප‍්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    මෙහිදී මාතර දිස්ත‍්‍රික්කයේ දැයට කිරුළ වැඩසටහන පැවැත්වීමට අදාළ කරුණු හා ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ යෝජනා හා අදහස් අනුව ක‍්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ ව විමසා බලන ලද අතර තවමත් වැඩ ආරම්භ කර නොමැති ව්‍යාපෘතිවල වැඩ ඉතා කඩිනමින් ආරම්භ කරන ලෙසත් වැඩ ඇරම්භ කරන ලද ව්‍යාපෘති ඉතා කඩිනමින් වැඩ අවසන් කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ ආයතනවලට අවධාරණය කරන ලදි. 
     
    මේ අවස්ථාවට තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, පළාත් සභා මැති ඇමතිවරු, ප‍්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත‍්‍රීවරු ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීහු සහ අදාළ වෙනත් ආයතනවල නිලධාරීහු සහභාගි වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya