ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නියඟයෙන් කුරුණෑගල කුඹුරු හෙක්ටයාර් 19886කට හානි

    සැප්තැම්බර් 08, 2014

    බලාපොරොත්තු වූ වැසි නොලැබීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අස්වැන්නට බලපෑමක් ඇති වී ඇති බව පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටුවේදී අනාවරණය විය.


    මහා වාරි යටතේ හෙක්ටයාර් 14237ක් ද සුළු වාරි යටතේ 37842ක් ද වර්ෂා පෝෂිත යටතේ 24154ක් ද වී වගාව සඳහා ඉලක්ක කර තිබූ අතර, ඒ අනුව මුළු හෙක්ටයාර් ප්‍රමාණය 76233කි. එසේම මහා වාරි යටතේ හෙක්ටයාර් 1724ක් වගා හානි සිදුව ඇති අතර, සුළු වාරි යටතේ හෙක්ටයාර් 8582ක් ද වර්ෂා පෝෂිත යටතේ හෙක්ටයාර් 9580ක් ද හානි වී ඇත. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි වී ඇති හෙක්ටයාර් ප්‍රමාණය 19886ක් බවත් හෙක්ටයාර් 38943ක වී අස්වැන්න බලාපොරොත්තු විය හැකි බවත් කුරුණෑගල දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇලිවලතැන්න මහතා පැවසීය.


    මෙම කෘෂිකර්ම කමිටු රැස්වීම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු ගොවි සංවිධානවල නියෝජිතවරු රැසක් සහභාගී වූහ.


    ECB/SA_dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya