ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහීපාල හේරත් පදනමෙන් දරුවන් 69කට ශිෂ්‍යත්ව

    සැප්තැම්බර් 09, 2014
    කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපන හෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කුසලතා දක්වන දරුදැරියන් සඳහා ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් මහීපාල හේරත් ජන සහන පදනම විසින් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.
     
    අඩු ආදායම්ලාභී පවුල්වල දරුදැරියන් සඳහා පොතපත මෙන් ම පෝෂණ ආහාර ද්‍රව්‍ය ද ලබාදෙන මේ වැඩපිළිවෙළ වසර කිහිපයකට පෙර ආරම්භ වූයේ එම ප්‍රතිලාභ දරුදැරියන් 15 දෙනෙකු අතට පත්කරමිනි.
     
    සෑම පාසැල් වාරයක් පාසා ඔවුන් අතට මෙම ප්‍රතිලාභ පත් කෙරේ. මෙවර එම වැඩසටහන සඳහා සිසු දරුදැරියන් 69 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන්ට පොතපත ඇතුළු පෝෂණ ආහාර බෙදාදීම පසුගිය දා කෑගල්ල මොලමුරේ මාවතේ මහ ඇමති උප කාර්යාලයේ දී සිදු විය.
     
    මෙහිදී මහීපාල හේරත් ජන සහන පදනමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සඳහන් කළේ මෙම ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ සඳහා දායක වීමට දෙස් විදෙස් දානපතියන් රැසක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බවය.
     
    ඒ අනුව ලබන වසරේ පටන් පොත්පත් පෝෂණ ආහාර සලාකයන්ට අමතර ව මසක් පාසා රුපියල් 1500ක මූල්‍ය වටිනාකමක් ද මෙම ශිෂ්‍යත්ව වැඩපිළිවෙළට ඇතුළත් වනු ඇතැයි ද කනක හේරත් මහතා කීය.
     
    මෙම අවස්ථාවට සබරගමු මහ ඇමති මහීපාල හේරත් සබරගමු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) පරාක්‍රම පියසේන, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ අනුරුද්ධ බණ්ඩා යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya