ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නියඟයෙන් දුක් විඳින මැදවච්චිය ජනතාවට දිවි නැඟුමින් වියළි ආහාර

    සැප්තැම්බර් 11, 2014

    වසරකට අධික කාලයක් තිස්සේ වගාවක් කළ හැකි පරිදි වර්ෂාව නොලැබීම හේතුවෙන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින මැදවච්චිය මැතිවරණ කොට්ඨාසයේ ජනතාවට දිවි නැඟුම දෙපාර්තමේන්තුව මඟින් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන ඇත.


    ඒ අනුව පවුල් 5200කට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමුණු අතර මැදච්චිය පාඩිග්ගම, කැබිතිගොල්ලෑව, හල්මිල්ලවැටිය, රඹකැපූ වැව, පදවිය, රාජාපොකුණු, මහසෙන්පුර යන ප‍්‍රදේශවලදී මේ භාණ්ඩ තොගය ප‍්‍රදානය කරන ලද්දේ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

    දිවි නැඟුම දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත‍්‍රික් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මේ භාණ්ඩ සපයා ගෙන තිබේ. අනුරාධපුර දිස්ත‍්‍රික් දිවි නැඟුම කාර්යාලයේ දී ලොරි දහයකින් රැගෙන ආ භාණ්ඩ දිවි නැඟුම නිලධාරීන් විසින් නිල වශයෙන් ප‍්‍රධාන ඇමැතිවරයාට බාර දෙනු ලැබීය. තවදුරටත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය සැපයීමට දානපතීන්, කණ්ඩායම් හෝ පුද්ගලයන් සිටී නම් ඉදිරිපත් වන ලෙස ද ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් ද කළේය. 

    මේ අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන කල්‍යාණී කරල්ලියද්ද, සුසිල් ගුණරත්න, පදවිය ප‍්‍රාදේශීය ලේකම් ජී.එම්.කේ. රංජිත් ප‍්‍රියදර්ශන, දිස්ත‍්‍රික් දිවි නැඟුම නිලධාරී මහින්ද වීරකෝන්, කුරුණෑගල දිස්ත‍්‍රික් දිවි නැඟුම නිලධාරී ගාමිණී විජේසූරිය යන මහත්ම මහත්මීහූ මීට එක් වූහ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya