ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පොහොර භාවිතය ගැන පුහුණු වැඩසටහනක් පොලොන්නරුවේ

    සැප්තැම්බර් 12, 2014

    කෘෂිකාර්මික අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්තව කෘෂිකාර්මික දිස්ත්‍රික්කයන්හි පවත්වනු ලබන කාර්යක්ෂම පොහොර භාවිතය සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමේ පුහුණු වැඩසටහනක් ඊයේ (11) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


    මෙරට පවතින සෞඛ්‍ය හා පාරසරික ගැටලු නිසා තවදුරටත් රසායනික පොහොර භාවිත කරනවා ද කාබනික පොහොර භාවිතය සඳහා යොමුවෙනවාද යන්න පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාව අරමුණු කර ගත් මේ වැඩසටහනේදී ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.එන්. සිරිසේන මහතායි.

     

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වකුගඩු රෝගය ඇතුළු සෞඛ්‍යමය ගැටලු සඳහා රසායනික පොහොර භාවිතය වක්‍රව බලපාන බවත් එම තත්ත්වයන් අවම කිරීම සඳහා හැකිතාක් දුරට රසායනික පොහොර භාවිතයෙන් ඈත් වී කාබනික පොහොර භාවිතය සඳහා යොමු විය යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.එන්. සිරිසේන මහතා පැවසීය.

    තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, 2001 වර්ෂය තෙක් පැවති පොහොර නිර්දේශ පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු හමුවේ 2013 වසරින් පසු පර්යේෂකයන් වෙනස් කළ බවත් තවදුරටත් සිදු කරනු ලබන පර්යේෂණයන්ගෙන් පසු ඉදිරි වසර 10 ඇතුළත පොහොර භාවිත නිර්දේශ වෙනස් කිරීමට සිදු වන බවත් සඳහන් කළේය.


    මේ අවස්ථාවට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පොලොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ විමල් කුමාරණතුංග මහතා ඇතුළු නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයෝ එක් ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya