ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව බටහිර ජාතීන්ගේ උදහසට ලක් වූ රටක්

    සැප්තැම්බර් 12, 2014
    ශ්‍රී ලංකාව බටහිර ජාතීන්ගේ උදහසට ලක් වූ රටක් බවත් එයට හේතුව අපේ හමුදාව එල්. ටී.ටී.ඊ. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය විනාශ කිරීම බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, 
    නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.  
     
    "යුද්ධය අවසාන මොහොතෙත් බටහිර රටවල් බැලුවේ ඔවුන්ගේ නැවක් ශ්‍රී ලංකාව ආශ්‍රිත 
    ජාත්‍යන්තර මුහුදු තීරයේ නතර කරලා තියන්න, ඒ නැවට කොටි නායකයන්ව ශ්‍රී ලංකා රජය විසින් බාරදෙයි කියලත් ඔවුන් හිතුවා. ඒත් ඔවුන්ගේ දෙමළ ත්‍රස්තවාදී සිහිනය බොඳවී ගියා. ඒ නිසා ඔවුන් බලාගෙන සිටින්නේ කුමන ක්‍රමයකින් හෝ යළි මේ රට අස්ථාවර කරන්න" යැයි ද පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්තික් තුන 
    ආවරණය වන පරිදි රාජ්‍ය සේවකයින් 650 දෙනෙක් සඳහා රුපියල් මිලියන 221ක් 
    වටිනා ජන සෙවණ උපහාර ණය  ප්‍රදානය කිරීම සඳහා ඊයේ (11) දින කොළඹ 
    මාලිගාවත්ත, ප්‍රදීපා ශාලාවේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී 
    වෙමිනි.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජන සෙවණ" නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමී ව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
     
    රාජ්‍ය සේවයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස් සඳහා මෙන් ම ස්වයං 
    රැකියාවල නිරත පුද්ගලයන් සඳහා ද නව නිවාස ඉදිකර ගැනීමට, නිවාස අලුත්වැඩියා 
    කරගැනීමට හා පවතින නිවාස වැඩිදියුණු කිරීම වෙනුවෙන් ද මෙම "ජන සෙවණ උපහාර නිවාස ණය" ලබාගත හැකිවේ.
     
    කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන් හි ප්‍රතිලාභීන් 650 දෙනෙකු සඳහා මෙදින නිවාස ණය හිමිකම් පත්‍ර ප්‍රදානය කෙරිණ.
     
    යුද්ධය නිමාවීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්වල ඇතිවූ සීග්‍ර සංවර්ධනය පිළිබඳවත් ඉදිරියේදී මේ සංවර්ධනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවත් මෙහිදී අමාත්‍යවරයා අදහස් දැක්වීය. 
     
    ජනාධිපතිතුමා ඉදිරි අය-වැයේ දී ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකයේ ඇති කළ යුතු පිබිදීම 
    අරමුණු කරගත්තා වූ සංවර්ධන යෝජනා විශාල ප්‍රමාණයක්  ඉදිරිපත් කරනු ඇතැයි  
    බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා තමන් ඉදිරිපිට ඇති වෙන 
    සංවර්ධනය භුක්ති විඳීමට සමත් සමාජයක් නිර්මාණය වන බවත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර, මොරටුව නාගරික 
    මන්ත්‍රී සුරේෂ් ඉන්දික, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ, මහරගම 
    නාගරික මන්ත්‍රී තිලක් වීරසිංහ, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී 
    හේමසිරි අමරසිංහ, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ 
    ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති 
    ජයන්ත සමරවීර, එහි උප සභාපති ඒ. ඩබ්. දයානන්ද, එහි සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් 
    මහින්ද මුදලිගේ යන මහත්වරු, රාජ්‍ය බැංකු නියෝජනය කරමින් එහි නිලධාරීහු, 
    හිමිකම්ලාභීහු ඇතුළු විශාල පිරිසක්  සහභාගී වූහ.
     
    DB
     
    NMD 7307
     
     
    NMD 7235

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya