ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නැවත පදිංචි වූවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ජපන් රජයේ ආධාර

    සැප්තැම්බර් 13, 2014

    "මුලතිවු දිස්ත්‍රික්කයේ නැවත පදිංචි ධීවර ප්‍රජාව නගාසිටුවීම හා ජීවනෝපාය වැඩිදියුණු කිරීම" ව්‍යාපෘතිය සඳහා ජපන් රජය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 224380 එනම් රුපියල් මිලියන 30කට ආසන්න ආධාර මුදලක් (ජපන් යෙන් 21,764,860) ජපාන රාජ්‍ය නොවන සංවිධාන සහයෝගිතා ආධාර වැඩසටහන යටතේ ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය පවසයි.


    මේ ව්‍යාපෘතිය අන්තර් මානව සහයෝගිතාව සඳහා වූ ආසියානු ශාන්තිකර සම්පත් මධ්‍යස්ථානය (PARCIC) මඟින් ක්‍රියාත්මක කෙරේ. PARCIC ජපන් රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර එය 2004 වසරේ සිට උතුරු පළාතේ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන වැඩසටහන්වල නියැළී සිටී.


    PARCIC සංවිධානය මඟින් පොදු ළිං 18ක් සහ ප්‍රජා ශාලා 03ක් 2013 වසරේ ලබා දී ඇති අතර මේ සංවිධානය මඟින් මුලතිව් ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන භාෂා ප්‍රවර්ධන වැඩසටහන් සහ පාසල් කාලයෙන් පසු අමතර පන්ති පැවැත්වීම සඳහා ඉදිකළ ප්‍රජා ශාලා යොදා ගනී. නැවත පදිංචි ප්‍රජාව කඩිනමින් යථා තත්ත්වය පත්වීමත් ප්‍රජාව අතර එකමුතුබව වර්ධනයත් එම ක්‍රියාකාරකම් මනා පිටිවහලක් වේ. PARCIC ශක්තිමත් කරමින් ඉහත ව්‍යාපෘතිය මඟින් මුලතිව්හි මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාළු වෙළෙඳ මධ්‍යස්ථාන 03ක් ඉදිකිරීමට නියමිත බව ද ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය පවසයි.

    ගෝලීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් ජපන් රජය කැපවී කටයුතු කරයි. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා විශාල සහයක් ලබා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික සහජීවනය තුළින් දිගුකාලීන සංවර්ධනයක් සඳහා ශ්‍රී ලංකාව ධෛර්යමත් කරමින් ලංකා සාම ක්‍රියාවලියේ සුවිශේෂී සහයකයෙකු මෙන් ම උතුරු පළාත නැවත නගාසිටුවීම සහ සුබසාධනය සඳහා කැප වී කටයුතු කරයි.

     

    මේ ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මහතා සහ PARCIC ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ෆුමී ඉතෝ මහත්මිය අතර ඊයේ (12) කොළඹ ජපන් තානාපති නිල නිවසේදී සිදු කෙරිණි.

     

    මෙහිදී අදහස් දැක්වූ PARCIC ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ෆුමී ඉතෝ මහත්මිය  පැවසුවේ, මේ ව්‍යාපෘතිය ප්‍රදේශයේ ධීවර සමිති ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ කරන බවයි.

    ඇය වැඩිදුරටත් සඳහන් කළේ යුදමය වාතාවරණය යටතේ පැවති තත්ත්වය මගහරිමින් නැවත තම කටයුතු ආරම්භ කිරීමට සහ ඉතා හොඳ මට්ටමින් පවත්වා ගෙන යාමටත් ධීවර සමිති යම් ප්‍රමාණයක් සමත් වී ඇති බවයි. මේ ව්‍යාපෘතිය මඟින් ධීවර සමිති කටයුතු යථා තත්ත්වයට පත් වීම කඩිනමින් කිරීමටත් ධීවර ප්‍රජාව සමස්තයක් ලෙස ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරයි. අවුරු 20කට වඩා වැඩි කලකට පසුව මේ ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණි ජනතාව තම ජීවනෝපාය දියුණු කර ගැනීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවත් ඒ සඳහා මේ ව්‍යාපෘතිය මහඟු පිටිවහලක් බවත් ඇය පැවසුවාය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya