ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෑම ගෙවත්තක් ම ගොවිබිමක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කයට ළඟා වෙනවා

    සැප්තැම්බර් 13, 2014

    "අපි වවමු - රට නඟමු" යන තේමාව මුල්කර ගෙන මේ රටේ ආරම්භ කළ වැඩසටහන දිගින් දිගටම පවත්වාගෙන යමින් කෘෂිකර්මය තුළ නව ප‍්‍රබෝධයක් ඇතිකරමින් සෑම ගෙවත්තක්ම ගොවිබිමක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කයට සැලසුම් සහගතව මේ වන විට ළඟා වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 


    2014 ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය තෙලිජ්ජවිල කෘෂිකාර්මික පර්යේෂණ සංකීර්ණයේ දී අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන්මේ වන විට පැවැත්වෙන අතර එහි තෙවන වන දිනය වූ බ්‍රහස්පතින්දා (11) ප‍්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

    මේ අවස්ථාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ; “මෙවැනි කෘෂිකාර්මික ප‍්‍රදර්ශන පැවැත්වීම තුළින් එළවළු, පලතුරු, ධාන්‍ය ක‍්‍රමානුකූලව වගා කිරීමට අවශ්‍ය දැනුම හා නව තාක්ෂණය ලබාගැනීමට හැකියාව උදාවීම ගොවි ජනතාව ලද සුවිශේෂී භාග්‍යයකි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන සංකල්පය යථාර්ථයක් බවට පත්කරමින් හිටපු කෘෂිකර්ම ඇමති වශයෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂි ක්ෂේත‍්‍රයේ උන්නතියට ලබාදුන් දායකත්වය මෙම අවස්ථාවේ දී ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුයි. එතුමන්ලා ආරම්භ කළ වැඩසටහන් ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් වර්තමානය වන විට සහලින් හා බඩඉරිඟුවලින් ස්වයංපෝෂිත වීමේ හැකියාව උදා වී ඇත.

    ලොකු ලූනුවලින් 60%ක ඉලක්කය ඉක්මවා යාමටත් අර්තාපල් 45%ක ඉලක්කයට ළඟාවීමටත් අද වන විට හැකි වී තිබීම කෘෂි ක්ෂේත‍්‍රය ලද විශිෂ්ට ජයග‍්‍රහණයකි. ඒ සඳහා වත්මන් රජය දුන් සහයෝගය අප කෘතඥතා පූර්වක ව සිහිපත් කළ යුතුයි. අවශ්‍ය කාලයට බදු පැනවීම, ආනයනය නතර කිරීමට කටයුතු කිරීම ගොවි ජනතාවගේ සුබ සිද්ධිය පිණිස කාලෝචිතව ක‍්‍රියාවීම වත්මන් රජයේ ස්ථිරසාර වැඩපිළිවෙළේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකියි. පසුගිය කාලයේ විදේශීය ආහාර මෙරටට ගෙන ඒමට කටයුතු කළ යුගයක් තිබුණි. වත්මන් රජය බොහෝ දුරට දේශීය නිෂ්පාදනවලට ප‍්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කිරීම දේශීය ගොවි ජනතාවගේ යහපත උදෙසා ගත් තවත් වැදගත් තීරණයකි. පසුගිය කාලය තුළ කිරිපිටි මිල ලෝක වෙළෙඳපොළේ අඩුවීම හේතුවෙන් ලාභයට ආනයනය කිරීමට හැකියාව උදාවී ඇතැයි ප‍්‍රචාරයක් ගිය ද අතිගරු ජනාධිපතිතුමන් එම අදහස සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරමින් කිරි දෙනුන් 10,000ක් මෙරටට ගෙන්වීමට කටයුතු කරමින් ගොවි ජනතාවගේ ජීවිත සඳහා නව අරුතක් එක් කර ඇත. රටේ කිරි නිෂ්පාදනය 40%ක දේශීය ඉලක්කයට ළඟාවීමට අද වන විට හැකිවීම එහි උපරිම ඵල නෙළා ගැනීමකි. 

    වත්මන් රජය ගෙන යන සංවර්ධන වැඩසටහන් ලෙස ජනතා විමුක්ති පෙරමුණ චෝදනා එල්ල කරමින් ගොවි ජනතාවට ලබාදෙන සහනාධාර මදි බව ප‍්‍රකාශ කරමින් රජයට නොයෙකුත් අවලාද කරමින් ගොවියා නොමඟ යැවීමට කටයුතු කරනු පෙනේ. පසුගිය කාලයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 550න් 184ක් ගිනි තියා විනාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරීම ගොවි ජනතාවගේ යහපත වෙනුවෙන් කළ ක‍්‍රියාවක් ද යන්න අද වන විට අපට නැගෙන විශාල ගැටලුවක් බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

    එදා ගොවි ජනතාව සතු වී අස්වැන්න මංකොල්ල කමින් බිහිසුණු ක‍්‍රියාවල යෙදුණු ජනතා විමුක්ති පෙරමුණ අද වන විට ගොවි ජනතාවගේ අයිතීන් පිළිබඳව කතා කිරීම හාස්‍යයට ලක් කළ යුතු කරුණකි. වස විස නැති දේශීය ආහාර අපේ ජනතාවට ලබාදීමට අවශ්‍ය වැඩසටහන් රැසක් අප මේ වන විට ක‍්‍රියාත්මක කර ඇති. ඉදිරියේ දී එම වැඩසටහන් සංවර්ධනයට ලක් කරමින් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම අපගේ තවත් ඉලක්කයකි. මේ වන විට ගොවි සංවිධාන පෞද්ගලිකව කැඳවා ඔවුන්ගේ ගැටලු සාකච්ඡාවට ලක් කරමින් ඒ සඳහා විසඳුම් ලබාදීමට අප කටයුතු කළ අතර ඉදිරියේ දී පොලොන්නරුව, මඩකළපුව, අම්පාර, ත‍්‍රිකුණාමලය ආදී දිස්ත‍්‍රක්කවල ඒවා ක‍්‍රියාවට නැංවීමට අදහස් කර ඇති බව ද ඔහු පැවසීය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya