ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිය පිළිබඳ වැඩමුළුවක්

    සැප්තැම්බර් 14, 2014

    ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිය පිළිබඳ වැඩමුළුවක් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පසුගිය 11-12 දෙදින පැවැත්විණි.


    නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිය- ලෝකය පුරා උපදේශනය හා ජර්මානු අත්දැකීම් (“Renewable Energy: New Directions Worldwide and the German Experience,”) යන තේමාවෙන් යුත් මෙම වැඩමුළුව ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය (SLEMA) විසින් සංවිධානය කරනු ලැබ තිබුණි.


    යුරෝපයේ නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්ති සංවර්ධනය, සූර්ය ප්‍රකාශ වෝල්ටීය තාක්ෂණය, ජාලක ඒකාබද්ධතා නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිය, බලශක්තිය අපතේ යෑම වැනි ක්ෂේත්‍ර වෙත මෙම වැඩමුළුවේදී අවධානය යොමු කෙරිණි.


    ගෞරවාන්විත ජර්මානු විශේෂඥයන් වන ජොආකිම් ගවුබ් සහ මයිකල් ක්නවුස් යන මහත්වරුන් සභාව අමතන ලදී. මහාචාර්යය මොහාන් මුණසිංහ මහතා නොනැසී පැවැත්ම සඳහා නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිය මැයෙන් ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේය.


    නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්ති ක්ෂේත්‍රයේ ජර්මානු තාක්ෂණික විශේෂඥයින් විසින් මෙම නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන අතර ලංකාවටද එය හොඳ ආදර්ශයක් වෙනු ඇති බව ආචාර්ය ජර්ගන් මොහාර්ඩ් (Jurgen Morhard) මහතා සභාව අමතමින් ප්‍රකාශ කළේය.

     

    දෙදින වැඩමුළුව නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්ති තාක්ෂණ සංවර්ධනය පිළිබඳ සංකල්ප හා ප්‍රායෝගීක භාවිතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya