ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බුත්තල දිවි නැඟුම සතිපොළ ජනතා අයිතියට

    සැප්තැම්බර් 15, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් කෝටි හතරක වියදමින් දින 40කදී ඉදිකිරීම් අවසන් කළ බුත්තල දිවි නැඟුම සතිපොළ  ජනතා අයිතියට පසුගියදා පත් කෙරිණ.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ යෝජනාවකට අනුව මෙම ඉදිකිරීම සිදු කළ බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා පැවසුවේ, අපි දෙයක් කරනවයි කිව්වොත් ජීවිත පරිත්‍යාගයෙන් හරි කරනවා. අපි මේ පොළ බහුකාර්ය ගොඩනැගිල්ලක් විදියටයි ඉදිකරේ. ජනතාවට ඕනෑම ප්‍රයෝජනයක් මින් ලබා ගත හැකියි. ඉදිරියේදී මෙම සතිපොළට තව තවත් පහසුකම් එකතු කරන්න අපි කටයුතු කරනවා. සමහරු කිය කියා යනවා අපි මැතිවරණ ආවමයි වැඩ කරන්නේ කියලා. එම නිසා මම අපේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ මෙතෙක් එක්සත් ජනතා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරමින් තැබූ වාර්තාව මෙවර මැතිවරණයේදීත් ඒ ලෙසින්ම තබා ඌවේ ජනතාවගේ ශක්තිය පෙන්වන්න කියා.
     
    මෙම අවස්ථාවට එක් වූ හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, මැතිවරණයක් පවත්වන්න රජය තීන්දු කරන කොට මැතිවරණ එපා කියලා අධිකරණයට යන, කලබල වන ලෝකයේ එකම විපක්ෂය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ බවයි.
     
    යම් රටක මැතිවරණයක් පවත්වත්දී එම රටේ විපක්ෂය දවසින් දවස ඉදිරියට ගියත් අපේ රටේ විපක්ෂය දවසින් දවස බංකොළොත් වෙමින් යන බවත් ඒ මහතා කියා සිටියේය.
     
    වෙනදා විභාග ප්‍රශ්නපත්‍රයට දුප්පත් ම දිස්ත්‍රික්ක දෙක නම් කරන ලෙස සඳහන් කර තිබුණු විට කිසිදු පැකිළීමකින් තොරව හම්බන්තොට හා මොනරාගල ලෙස සඳහන් කළ බව පැවසූ රාජපක්ෂ මහතා අද වේගයෙන් දියුණු වන දිස්ත්‍රික්ක දෙක ලෙස එම දිස්ත්‍රික්ක දෙක සඳහන් කිරීමට සිදු ව ඇති බව පැවසීය.
     
    මේ තත්ත්වය දැක දැකත් කොළඹ වායු සමීකරණය කළ කාමරවලට වී මොනරාගල දුප්පත් දිස්ත්‍රික්කය ලෙස මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට විපක්ෂය ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙළේය.
     
    මෙම අවස්ථාවට එක් වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ, අද ලෝකය දිහා බලන්න. බොහෝ රටවල්වල කැරලි කෝලාහල ඇති වෙමින් තිබෙනවා. මේ දේවල් යට බලගතු රටවල් ඉන්නවා. මේ බලගතු රටවල් කැමැති නැහැ රටක් සාමකාමීව ඉදිරියට යන එකට. ඒ නිසයි විවිධ ප්‍රශ්න ඇති කරමින් රට දෙකඩ කරන්න උත්සහ ගන්නේ. අද අපේ රටටත් ඒ තත්ත්වය ඇති කරන්න ඇතැම් රටවල් උත්සාහ කරනවා. ඒ සඳහා මුදල් යොදවනවා. මේ දේ ජනතාව තේරුම් ගත යුතුයි.
     
    මෙම අවස්ථාවට එක් වූ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, සමහරු ජාතික ලැයිස්තුවෙන් ඇවිත් කොළඹට වෙලා මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. මොනරාගල ජනතාව හිඟන්නෝ කියලා අපහාස කරමින් ඉන්නවා. මේ අයට දුක තේරෙන්නේ නැහැ. ඒ අයට පුළුවන් නායකතුමා වගේ මොනව හරි කිය කියා ඉන්න විතරයි. අද බලන්න අධිවේගී මාර්ගවලට ගහනවා. එහෙම ගහ ගහා ඒ මාර්ගවල ගමන් කරනවා. මම කිව්වා පාරවල්වල යන ගමන් බනින්න එපා කියලා. මොකද මේ ලෝකෙ රැකගන්න ආරක්ෂා කර ගන්න ඉන්න දෙවිවරුත් ඉන්නේ අපේ ජනාධිපතිතුමා එක්කයි. එය ඔප්පුකර පෙන්නලා තිබෙනවා. අද එජාපය කියනවා රජය පෙරළන වෙඩි මුරය ඌවෙන් පටන් ගන්නවා කියලා. මේ අය මේ වෙනකම් තිබුණ හැම මැතිවරණයකදී ම මේ වෙඩි මුරය පත්තු කරනවා කිව්වා. ඒකෙන්ම පෙන්වනවා මේ අය පත්තු කරන්නේ පුස් වෙඩි කියලා. අද බලන්න දැවැන්ත සංවර්ධනයක් වෙනවා. ගොවි ජනතාවට දුන්න පොහොර සහනාධාර අඛණ්ඩව ලබාදෙමින් තිබෙනවා. ධීවරයන්ට සහනාධාර දුන්නා. පොල්වලට සහනාධාර දුන්නා. ගොවියන්ට සලකපු ඉතිහාසයේ බිහිවුණ එකම නායකයා ජනාධිපතිතුමා පමණයි.
     
    මෙහිදී සුළු අපනයන බෝග ප්‍රවර්ධ අමාත්‍ය රේජිනෝල්ඩ් කුරේ, ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන, පළාත් සභා අපේක්ෂකවරුන් වන චන්දන වැලිවිට, විමල් ගලගමආරච්චි යන මහත්වරු ඇතුලු ජනතා නියෝජිතයෝ රැසක් අදහස් දැක්වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya