ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඌව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එකඟතාවක්

    සැප්තැම්බර් 17, 2014
    ඡන්ද විමසීමේ දී කාලසීමාව තුළ දී ප්‍රචාරක පුවරු, සැරසිලි, ධජ පතාක යනාදිය ප්‍රදර්ශනය කළ හැක්කේ අදාළ පක්ෂයේ හෝ කණ්ඩායමේ රැස්වීම් පැවැත්වෙන ස්ථානයේ පමණක් යන නියමය, තරග කරන පක්ෂ නායකයන් සහභාගි වන රැස්වීම් සඳහා ලිහිල් කිරීමට පක්ෂ ලේකම්වරු පොලිස් නිලධාරීන් මැතිවරණ නිලධාරීන් විසින් එක් ව පවත්වන ලද සාකච්ඡාවක දී එකඟ වී තිබේ.
     
    ඌව පළාත් සභා මැතිවරණය අරමුණු කරගනිමින් පැවැත්වෙන රැස්වීම්වල දී පමණක් රැස්වීම් භූමියේ සිට සාධාරණ දුරක් සැරසිලි කිරීමට, එම සැරසිලි රැස්වීම් පැවැත්වෙන දිනට පෙර දින පස්වරුවේ සිට රැස්වීම පැවැත්වීමෙන් පසු උපරිම වශයෙන් පැය 12ක් ගත වන තෙක් පමණක් වශයෙන් එකඟ වී ඇත.
     
    එම එකඟතාවන් නොසලකා හරිමින් පක්ෂ නායකයන් සහභාගිවන රැස්වීම්වලින් පසුව ද ප්‍රදර්ශනය කෙරෙන සැරසිලි නොපමාව ඉවත් කරගන්නා ලෙස එවැනි රැස්වීම් සංවිධානය කරන දේශපාලන ක්‍රියාකාරීන් වෙත දන්වා ඇති අතර එවැනි ප්‍රචාරක පුවරු හා සැරසිලි ඉවත් කරවීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    තරග කරන දේශපාලන පක්ෂවල පක්ෂ නායකයන් නො වන දේශපාලනඥයන් සහභාගිවන රැස්වීම් පැවැත්වීමේ දී අදාළ භූමියෙන් බැහැර සැරසිලි කිරීම හා පුවරු 
    සවිකිරීම නීතිවිරෝධි වේ. එබැවින් එවැනි සැරසිලි කිරීමෙන් වලකින ලෙස සියලු ම දේශපාලන පක්ෂවල ලේකම්වරු හා ප්‍රමුඛ දේශපාලන ක්‍රියාකාරීන් වෙත දන්වා ඇති බවත් එම නිවේදනයේ වේ.
     
    එවැනි සැරසිලි සිදු කරන්නන් ඡන්ද නීති උල්ලංඝනය කරන්නන් සේ සලකන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya