ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අන්තර් දහම් පාසල් තරගාවලියක්

    සැප්තැම්බර් 17, 2014

    ප්‍රදීපාලෝක පදනම නිර්මාතෘ ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ප්‍රදීපාලෝක පදනම මඟින් දහම් පාසල් සිසු දරු දැරියන්ගේ කුසලතා ඔප්නැංවීම සඳහා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් සම්බන්ධ කරගනිමින් "ප්‍රදීපාලෝක සදහම් සරණි 2014" නමින් අන්තර් දහම් පාසල් තරගාවලියක් සංවිධානය කෙරේ. 


    මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය පසුගියදා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    සමස්ත තරගාවලිය තරග අංශ තුනකින් සමන්විත වේ. ඒ අනුව විවාද (සමූහ), භක්ති ගීත ගායනා (සමූහ), හා බොදු ගී ගායනා (ඒකල) යනු එම තරග අංශ තුනයි. ප‍්‍රදේශයේ සියලු ම දහම් පාසල් සිසු දරු දැරියන්ට මේ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ඇත.


    දහම් පාසල් සිසු දරු දැරියන්ගේ තර්කන හා කථන හැකියාවන් ඔප්නංවා ගැනීම සඳහා මෙන්ම බුද්ධාලම්බනය හා ශාසනාලය පුබුදුවාලමින්, දරුවන් තුළ සුභාවිත ගීතයන් පිළිබඳ ව ඇල්ම ඉහළ නැංවීම මෙම තරගාවලියෙන් අපේක්ෂිතය. තරගාවලිය මූලික වට හතරකින් පැවැත්වෙන අතර පළමු වටයේ තරග ඔක්තෝබර් 12 වන දින ආරම්භ වේ. අවසාන මහා තරගය 2014 වසරේ දෙසැම්බර් මස අග, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.


    ජයග‍්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග හා සහතිකපත‍්‍ර ප‍්‍රදානය කෙරෙන අතර සියලු ම තරග ඉසව් සඳහා තරගකරුවන් සහභාගී කරවන දහම් පාසල් වෙත සහභාගීත්වය වෙනුවෙන් පරිගණකයක් ද ඉදිරිපත් වන සියලු ම සිසුන් සඳහා සහතිකපත‍්‍රයක් ද පිරිනැමේ.


    තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී වැලිමඩ ශාන්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෞද්ධාලෝක මාවත කල්‍යාණ ධර්මාශ්‍රාධිපති මිරිහානේ නන්ද ස්වාමීන් වහන්සේ, ගෝතමීපුර විහාරාධිපති තෙල්වත්තේ නාගිත ස්වාමීන්වහන්සේ, බේස්ලයින් පාර මෛත්‍රී නිකේතන විහාරාධිපති සූරියවැව සෝමානන්ද ස්වාමීන් වහන්සේ සහ දහම් පාසල් සිසු දරුවන් හා දහම් පාසල් ආචාර්යවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya