ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඵලදායි ගමනක

    සැප්තැම්බර් 17, 2014

    සෑම ආයතනයක් තුළ ම පරිසරයට ගැළපෙන ඵලදායිතාවක්  ඇති කිරීම ඉතා කඩිනමින් සිදුකළ යුතු බව, ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි. 


    ඵලදායිතාව පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රදේශීය ලේකම් කාර්යාල නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ලේකම්වරයා මේ අදහස් පළ කළේය. 


     
    ඒ මහතා මෙහිදි අවධාරණය කළේ, යමක් බිඳවැටීමට ආයතනික නායකත්වයේ දුබලතාව හේතුවන බවයි. සිදුකරන කාර්යයන් නිවැරදිව සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම ඵලදායිතාව ලෙස නම් කළ හැකියි. එම තත්ත්වය පැහැදිලි කර සේවාවන් විධිමත් කිරීමේ පියවරක් හැටියට මෙම වැඩමුළු සංවිධානය කර තිබේ. සෑම දිස්ත්‍රික්කයක ම මෙම දැනුවත් කිරීම් සිදුකරන අතර එයින් ඉහළ ප්‍රතිඵලයක් උදාකරගෙන ඇති බව ඵලදායිතා අමාත්‍යංශයේ ලේකම්වරයා එහි දී පැවසීය. හොඳ පුරුදු, න්‍යාය පත්‍රයකට කටයුතු කිරීම, තාක්ෂණය සමඟ බද්ධ ව කාර්යාල කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම, මනා සම්බන්ධිකරණය ආදි කරුණු සමඟ  උසස් ඵලදායිතාවක් ළඟා කරගත හැකි බවද ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. 


    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ නායකත්වය පදනම් ව පැවැති තත්ත්වයට වඩා සුබවාදි වටපිටාවක් නිර්මාණය වීම කෙරෙහි බලපා ඇති ආකාරය මෙහිදි අවධානයට ලක්විය. මෙම අවස්ථාවට  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න, ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ,  දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya