ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වයඹ පළාත් ජ්‍යේෂ්ඨ පුරවැසි සුපිරි ගායනා තරුව වැඩසටහනක්

    සැප්තැම්බර් 24, 2014


    වයඹ පළාත් ග්‍රාමීය වැඩිහිටි කමිටුවල සාමාජිකත්වය දරණ ජ්‍යේෂ්ඨ පුරවැසි ප්‍රජාවගේ හැකියාවන් හා දක්ෂතා එළි දැක්වීමට අවස්ථාව සලසා දීමත්, එම දක්ෂතා  ඇගයීම සහ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ හැකියාවන් හා දක්ෂතා පිළිබඳ ව ළමා පරපුර තුළ අවබෝධයක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් වයඹ පළාත් ජ්‍යේෂ්ඨ පුරවැසි සුපිරි ගායනා තරුව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    ඒ සඳහා ග්‍රාමීය වැඩිහිටි කමිටුවල අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදීමේ අවසාන දිනය ලබන ඔක්තෝබර් මස 15 දින දක්වා ක්‍රියාත්මක වේ.


     
    පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 46 තුළින් තෝරා ගැනෙන තරගකරුවන් 460ක කණ්ඩායමක් මේ සඳහා තෝරා ගැනෙන අතර, සංගීත වැඩමුළුවක් ද මීට සමගාමී ව පැවැත්වේ. වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ මගපෙන්වීම මත පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, ග්‍රාම සංවර්ධන අමාත්‍ය සන්ද්‍ය කුමාර රාජපක්ෂ මහතාගේ සංකල්පය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව වැඩසටහන මෙය සංවිධානය කරනු ලබයි. 



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya