ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලෝක උරුම ගාලු කොටුවේ ප්‍රධාන යුධ අට්ටාලය සංරක්ෂණය කෙරේ

    සැප්තැම්බර් 25, 2014

    ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ඕලන්ද යුගයේ ආරක්ෂක කටයුතු සඳහා ඉදිකරනු ලැබූ සඳු අට්ටාලය සංරක්ෂණ කිරීමට කටයුතු කෙරේ. ගාල්ල කොටුවේ පවතින යුධ අට්ටාලවලින් ප්‍රධාන අට්ටාලයක් වන සඳු අට්ටාලය 2012 විවෘත කර සංරක්ෂණය සිදු කිරීමට කටයුතු කෙරිණි.


    17 වන ශත වර්ෂයේ මැද භාගයේ ආරම්භ කර ඇති මෙම අට්ටාලය ඉංග්‍රීසි යුගයේදී භාවිතයට ගෙන නොමැති අතර 2014 වසරේ දී ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය හා ගාලු උරුමය පදනම මඟින් සංරක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව ගාල්ල ඉතිහාසය පිළිඹිබු වන අයුරින් චිත්‍ර හා මූර්ති මැදිරියක් ස්ථාපිත කිරීමට නියමිතය.

     

    ගාල්ල ඉතිහාසයේ සිදුවූ විවිධ විශේෂ සිදුවීම් හා එම සිදුවීම්වලට මූලික වූ පුද්ගලයින්ගේ චිත්‍ර හා මූර්ති මෙහි නිර්මාණය කෙරේ. මෙම මූර්ති හා චිත්‍ර නිර්මාණය කිරීම ජාතික මෝස්තර මධ්‍යස්ථානය මඟින් සිදු කරනු ලබන අතර, ලබන වසරේදී මෙම චිත්‍ර හා මූර්ති මැදිරිය විවෘත කිරීමට ද නියමිතය.


    මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 06කි. දෙස් විදෙස් ජනතාවගේ දැනුම වර්ධනය කිරීමත් සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ඒ අනුව මෙම සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කෙරේ. 



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya