ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංවර්ධනයට පියවර

    සැප්තැම්බර් 26, 2014


    2015 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා වන ඇස්තමේන්තු මේ වන විටත් මහා භාණ්ඩාගාරය වෙත යවා ඇති බව, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි. 

    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක, ඉඩකඩ පහසුකම්  නොමැතිකම රාජකාරී කටයුතුවලදී දැඩි ගැටලුවක් බවට පත් ව තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රුපියල් කෝටි 10කට අධික මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංවර්ධනය සඳහා මහා භාණ්ඩාගාරයෙන්  ඉල්ලුම් කර ඇත.

     

    මෙහිදී පළමුව පහසුකම් අවම මට්ටමක පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංවර්ධනයට පියවර ගනී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ක්‍රියාත්මක, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන 22කි. අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව මෙය  වැඩි  සංඛ්‍යාවක් වන හෙයින්, සෑම කාර්යාලයක ම අවශ්‍යතා කඩිනමින් සම්පුර්ණ කිරීම අසීරු වී ඇති බව ද දිසාපතිවරයා පවසයි. කෙසේ හෝ කෙටි කාලයකින් ගොඩනැගිලි පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේ ය.

     

    මධ්‍යම නුවරගම් පළාත, පලාගල හා කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංවර්ධනය සඳහා මේ වන විටත් මිලියන 10 බැගින්  මුදල් වෙන් කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත. මීට අමතර ව දැඩි ඉඩ කඩ අපහසුවක් පවතින නාච්චාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධනය ද කඩිනම් කරන බව දිස්ත්‍රික් ලේකම් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 


    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya