ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඵලදායිතා සම්මානයක් නුවරඑළිය දිස්ත්‍රික් ඉඩම් හා රෙජිස්ට්‍රාර් අංශයට

    සැප්තැම්බර් 26, 2014

    2014/2013 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී ශුද්‍ර පරිමාණ ආයතන වර්ගීකරණය යටතේ තෙවන ස්ථානය වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන ඵලදායිතා සම්මානය මෙවර නුවරඑළිය දිස්ත්‍රික් ඉඩම් හා රෙජිස්ට්‍රාර් අංශය හිමිකර ගැනීමට සමත් විය.

     
    2010/211 වර්ෂයන්හි දී ඔවුන් විසින් කුසලතා සහතිකයක් ලබා ගැනීමට සමත් වූ අතර අද දවසේ ඔවුන් ලද මෙම ඵලදායිතා සම්මානය විශිෂ්ට ජයග්‍රහණයකි. නුවරඑළිය ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රර් ජී.කේ.එම්. තරංගනී සුභාෂිණී කවිරාජ් මහත්මිය ප්‍රමුඛ එම අංශයේ සේවයේ නියුතු තිස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයේ මහත් පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඵලදායිතා සම්මානය ඔවුන්ට හිමිවිය. 

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ නිසි ඇගයීම හමුවේ නුවරඑළිය දිස්ත්‍රික් ඉඩම් හා රෙජිස්ට්‍රාර් අංශය ස්වකීය මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම ව සිදු කරන අතර විනාඩි 10ක් වැනි කෙටි කාලසීමාවක් තුළ විවාහ, උප්පැන්න සහ මරණ සහතිකපත් නිකුත් කිරීම සිදු කෙරේ. ඒ අනුව EMBD  පරිගණක ව්‍යාපෘතිය යටතේ ස්වකීය වැඩ කටයුතු නව තාක්ෂණයත් සමඟ එක් කර ගැනීමට මොවුන් සමත් ව සිටින බව ද නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.  

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya