ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ පටක රෝපණ පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ

    සැප්තැම්බර් 29, 2014

    ගම්පහ, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තුළ පටක රෝපණ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද (29) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 


    මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු මෙන් ම පවත්වාගෙන යාම සහ පර්යේෂණ කටයුතු සියල්ල සිදුකරනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයයන අංශය විසිනි. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මල්වගාකරුවන් සඳහා අවශ්‍ය මල් පැළ සහ විසිතුරු ශාඛ පටක රෝපණ තාක්‍ෂණය ආධාරයෙන් ලබාදීමට කටයුතු කිරීම සහ මෙම පටක රෝපණ පර්යේෂණ පිළිබඳ ව විද්‍යාත්මකව පර්යේෂණ සිදු කිරීමයි. 


    පළමු අදියර යටතේ මෙම පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් මසකට පැළ 50,000ක් පමණ නිපදවීමට අපේක්‍ෂා කරයි. ඉන් අනතුරු ව නව මල් ප‍්‍රභේද හඳුන්වාදීමට විශ්වවිද්‍යාලය කටයුතු යොදා ඇත. ගම්පහ දිස්ත‍්‍රික්කයේ මල් වගාකරුවන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා පළාත් නැඟුම වැඩසටහන යටතේ රුපියල් මිලියන 21.9ක මුදලක් වෙන්කර දෙන ලදී. ඉදිකිරීම් මෙම වසර අවසානය වන විට නිමකිරීමට නියමිතය. පටක රෝපණ මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් අනතුරු ව ගම්පහ දිස්ත‍්‍රික්කයේ දෙදහස් පන්සියයකට අධික මල් වවන්නන් සඳහා දේශීය සහ විදේශීය නව ප‍්‍රභේද හඳුනාගැනීමට අවස්ථාව සැලසේ. එමෙන් ම නව පැළ ප‍්‍රභේද ආනයනය කිරීම අවම කර ගත හැකි වන අතර අපනයන සඳහා අවශ්‍ය මල් සහ විසිතුරු පත‍්‍ර ප‍්‍රමාණය වැඩිකර ගැනීමට හැකියාව ලැබේ. 

    කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය වැලමියාවේ කුසලධම්ම නා හිමියන් විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ අතර බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, දිස්ත‍්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර, කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මල් වවන්නන්ගේ සංගම්වල සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH

    117

     

     

    134

     

    171

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya