ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනයට 2014දී මිලියන 9000ක් ආයෝජනය කළා

    සැප්තැම්බර් 30, 2014

    2006 හා 2013 කාලය තුළ දී ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය ආයෝජනය කළ මුළු මුදල රුපියල් මිලියන 50,061ක් බවත් 2014 වසර සඳහා පමණක් මුළු ආයෝජනය රුපියල් මිලියන 9000ක් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) ඔක්තෝබර් 06 දින පැවැත්වෙන ලෝක ජනාවාස දින සමුළුව පිළිබඳ ව නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

    මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා ජනාවාස සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංගණනයක් අනුව 2000 වසරේ සිට 2010 දක්වා කාලය තුළ ඉදි වී තිබෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නව නිවාස ප්‍රමාණය නිවාස 250,000ක් පමණ වන බව සඳහන් කළේය.

    2011 වසරේදී පමණක් නිවාස ඒකක 318,884ක් ඉදිවී තිබෙනවා. කලින් අවුරුදු 10ට 250,000යි. නමුත් 2011 වසරේදී පමණක් 318,884 නිවාස අලුතින් ඉදි වී තිබෙනවා. ඒ ආණ්ඩුව පමණක් නෙමෙයි සියලු අංශ එකතු වෙලා හදපු ප්‍රමාණය. මේ සඳහා ප්‍රවණතාව ඇති කළේ අපි. බැංකුවල අවධානය මේ දෙසට යොමු කළා. බිලියන ගණනක් අවුරුද්දට ණය ලබාදුන්නා. මේ පිළිබඳ මහජන මතයක් හැදුවා. නිවාස ණය දෙන කොන්දේසි ලිහිල් කළා. 2012 වසරේ සිට මේ දක්වා වසරකට ලක්ෂ 4ක් පමණ නිවාස රජයත් පෞද්ගලික අංශයත් එකතු ව ඉදිකරලා තියෙනවා. ආසියාතික කලාපයේ වැඩි ම ස්ථීර නිවාස ප්‍රමාණයක් තිබෙන්නේ ලංකාවේ. අවම පැල්පත් තියෙන්නේ ලංකාවේ. ජනගහනයට සාපේක්ෂ ව ඒ අවම පැල්පත්වාසීන්ගේ ප්‍රශ්නය විසඳන සුදුසු ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නෙත් ලංකාවේ. සාමාන්‍යයෙන් නිවාසකරණය සඳහා රුපියල් මිලියන 7,000ක පමණ ආයෝජනයක් පසුගිය කාලය තුළ අවුරුද්දකට අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන හරහා රජය යොදවලා තියෙනවා. මේ අනුව ගෙවුණු අවුරුදු 3ක කාලය ඇතුළත වැඩි ම මුදල් ප්‍රමාණයක් නිවාසකරණය වෙනුවෙන් රජය යොදවලා තියෙනවා. මෙය බැංකුවලින් ලබාදෙන ණය මුදාහැරීම නැති ව ඍජු ව ම රජය කරනු ලබන ආයෝජනයි.

    පසුගිය වසර 15 තුළදී ස්ථීර නිවාස ප්‍රමාණයෙන් වැඩි ම ප්‍රමාණයක් ඉදිවෙලා තියෙන්නේ 2011 වසරේදීය. ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ස්ථීර නිවාස  ප්‍රමාණයෙන් 47% ක් 2000 වසරෙන් පසු ව ඉදි වී තිබෙනවා. එම 47%න් 6%ක් ම ඉදිවී තිබෙන්නේ 2011 වසරේදී බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya