ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මිලියන 498ක වියදමින් වයඹ පළාතේ සතිපොළවල් 28ක් ඉදිකෙරේ

    සැප්තැම්බර් 30, 2014

    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව වයඹ පළාත් පාලන ආයතන සහ පොළ භූමි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වයඹ පළාතට අනන්‍ය වූ එක ම සැලසුමකට අනුව සති පොළ 28ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 498ක මුදලක් වෙන්කිරීමට පියවර ගෙන ඇත.


    2014 ජූලි 23, 24, 25 යන දිනයන්හිදී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්  වයඹ පළාතේ සතිපොළ ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කළ අතර එක් එක් පළාත් පාලන ආයතන සභාපතිතුමන්ලා විසින් එහි වගකීම දරනු ලැබේ.

    මෙහි පළමු අදියර යටතේ විජය උදාගම. මූණමල්දෙණිය, මාවීඇළ, බමුණාකොටුව, වරාවැව , බෝයවලාන, නාන්නේරිය, ඇහැටුවැව, කත්නොරුව, මීගලෑව, මඩගල්ල, වීර පොකුණ, කැප්පිටිගල, ආඬිගම, තලවිල - හාල්පන්විල, වැලිපැන්නගහමුල, කිතලව, දීයාවල, තබ්බෝව, වනාත විල්ලුව, මුන්දලම, කිරිමැටියාන , නාරම්මල, නාගොල්ලාගම, කුලියාපිටිය, දුම්මලසූරිය ආදී ප්‍රදේශවල සති පොළ ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ. 

    ''සතිපොළ නැඟුමයි - ඉසුරු උදාවයි''  නමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ''දිරිය බිම'' සතිපොළ නමින් නම් කර තිබේ. මීට අමතර ව මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී තවත් සතිපොළ 10ක් ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබේ. 

    මහින්ද චින්තන ඉදිරි දැක්ම සංකල්පය ක්‍රියාවට නංවමින් වයඹ ප්‍රධාන අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ මෙම සංවර්ධන ව්‍යාපෘතියෙහි මූලික අරමුණු වී ඇත්තේ මඩවලවල්වල, පාරවල් හරස් කරමින් හා නුසුදුසු ස්ථානවල මීට පෙර සතිපොළවල් පැවතීම නිසා වෙළෙන්දන්ට සහ පාරිභෝගික ජනතාවට තිබූ අපහසුතාවන් අවමකර ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ජල පහසුකම් ඇති කරදීමයි. ඇතැම් නගරවල සති පොළ දිනයට ප්‍රවාහන ගැටලු පැන නැගී ඇත. කුණු එකතුකිරීම, බැහැර කිරීම ආදී  ගැටලු වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya