වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීම මත ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් සමඟ සාකච්ඡා කොට වයඹ පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා "I Roads" (අයි රෝඩ්ස්) නමින් ව්‍යාපෘතියක් මේ වන විට වයඹ පළාත තුළ ආරම්භ කර තිබේ.
"I Roads" (අයි රෝඩ්ස්) ව්‍යාපෘතිය යටතේ වයඹ පළාත තුළ ග්‍රාමීය අතුරු මාර්ග කිලෝ මීටර් 705ක් කාපට් කිරීම මේ වන විට ආරම්භ කොට ඇත. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 15,510ක මුදලක් වෙන් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කිලෝ මීටර් 485ක් සහ පුත්තලම් දිස්ත්‍රික්කයෙන් කිලෝමීටර් 220ක් වන ලෙසත් කාපට් කෙරේ.
අතුරු මාර්ග සංවර්ධනය කිරීම තුළින් අනවශ්‍ය බාධාවකින් තොර ව ප්‍රධාන මාර්ග වෙතට පිවිසීමටත් දුෂ්කර ගම්මානවලට යාමට සහ ඒමට ඇති ප්‍රවාහන ගැටලු සහ බාධා අවම කිරීමටත්, කර්මාන්ත හා රැකියා සඳහා අත්වැලක් ලෙසත් හදිසි රෝගීන් ගෙන යාම ආදී වූ ගැටලු අවම කරගෙන කෙටි කාලකින් ආරක්ෂාකාරී ලෙස ගමනාන්තය දක්වා යාමට සහ ඒමට ආදී වූ පහසුකම් රැසක් වයඹ පළාතේ ජනතාවට මෙමඟින් සැලසෙනු ඇත.
NDH