ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මුලතිව් සා/පෙළ වෙනුවෙන් පෙනී සිටින සිසුන් සඳහා පුනරීක්‍ෂණ සම්මන්ත්‍රණ මාලාවක්

    සැප්තැම්බර් 30, 2014

    මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින සිසු දරුවන් වෙනුවෙන් විෂය පුනරීක්‍ෂණ වැඩසටහනක් පසුගියදා පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ විය. 


    මේ සඳහා කොළඹ ඉසිපතන විද්‍යාලයේ පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් සිය සම්පත් දායකත්වය සපයනු ලැබූහ.


    මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ උපදෙස් යටතේ මෙම වැඩසටහන් මාලාව සම්බන්ධීකරණය කළේය. සිංගප්පුරුවේ මහා කරුණා පදනමේ කරඳන ගුණරතන හිමියන්ගේ අනුග්‍රාහක දායකත්වය ද ඉසිපතන විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද මේ සඳහා සහයෝගය ලබා දී ඇත.

    මෙවර මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ සිසු දරුවන් 500 දෙනෙක් සා/පෙළ වෙනුවෙන් පෙනී සිටීමට නියමිත අතර පැය දෙක බැගින් දිනකට දේශන තුනක් වශයෙන් සති අන්ත 12කදී අවසන් කිරීමට නියමිත මෙම පුනරීක්‍ෂණ වැඩසටහන ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ විද්‍යාව යන විෂයන් ඉලක්ක කර ගනිමින් දමිළ මාධ්‍යයෙන් සංවිධානය කර ඇත.

    පළමු දින වැඩසටහන ආරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාද සහභාගී වූ අතර එදින මුලතිව්හි පාසල් 08කට අයත් සිසු දරුදැරියෝ 265 දෙනෙක් සහභාගී වී සිටියහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya