ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාරම්පරික වී වගාව ජාතික මට්ටමට ගෙන ඒමට අනුරපුර මූලික වෙයි

    ඔක්තෝබර් 01, 2014
    පාරම්පරික වී වගාව ව්‍යාප්ත කිරීමේ  වැඩපිළිවෙළ ජාතික මට්ටමට රැගෙන ඒම සඳහා අවශ්‍ය  ශක්තිය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලබාදිය හැකි බව  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.
     
    මේ වන විට දිස්ත්‍රික්කය තුළ පාරම්පරික වී වගාව සිදු කරමින් පවතී. එම වී අස්වනු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් මිලදී ගැනීමට කටයුතු යොදා ඇත. දිසාපතිවරයා පැවසුවේ, වී කිලෝවක් රුපියල් 70ක මුදලකට මිල දී ගන්නා බවයි.
     
    එම වී මිල දී ගෙන පාරම්පරික වී වගා කිරීමට කැමැත්ත දක්වන පිරිස් සඳහා නොමි‍ලේ බෙදාහැරීම සිදු කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. මෙහි දී දිවයිනේ ඕනෑම ප්‍රදේශයක, පාරම්පරික වී වගාවට කැමැත්ත දක්වන ගොවීන් සඳහා  පාරම්පරික බිත්තර වී නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේ.  දේශීය සංස්කෘතික දායාද අනාගත පරපුරට දැනුම්දීම මෙන් ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු වැනි රෝගාබාධ  පාලනය සඳහා යොදාගන්නා පිළියමක් ලෙස  පාරම්පරික වී වගා ව්‍යාප්තිය සිදු කරයි.
     
    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya