ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 7.8%ක්

    ඔක්තෝබර් 01, 2014

    වේගයෙන් දියුණුවන ආර්ථිකයන් අතර ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 7.8% දක්වා වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    පසුගිය 2013 වසරේ දෙවැනි කාර්තුවේ පැවති රුපියල් මිලියන 779,974ක දළ දේශීය නිෂ්පාදිත අගයට සාපේක්ෂව මේ වසරේ එම කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිත අගය රුපියල් මිලියන 840,653 දක්වා 7.8%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ නවතම වාර්තා මඟින් පෙන්වා දෙයි.

    මේ වෙනුවෙන් කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා අංශයන්ගේ දායකත්වය ලැබී තිබෙන අතර කෘෂි කර්මාන්තයෙන් 10.6%ක්, කර්මාන්ත අංශයෙන් 31.5%ක් සහ සේවා අංශයෙන් 58%ක් ඒ අතර වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ යටිතල පහසුකම්හි යහපත් වර්ධනය හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඉහළ මට්ටමකට පැමිණ තිබෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සෑම ක්ෂේත්‍රයකම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව ද එය රටේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වන බව ද ප්‍රකාශ කරයි.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya