ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ''සසුනට සවිය '' මගින් ආගමික ස්ථාන සංවර්ධනයට රුපියල් ලක්ෂ 200ක්

    ඔක්තෝබර් 02, 2014

    වයඹ ප්‍රධාන අමාත්‍ය  නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබුවායින් පසු ඒ මහතාගේ උදාර සංකල්පයක් යටතේ ''සසුනට සවිය'' වැඩසටහන ක්‍රියාත්මක විය. එහිදී ආගමික ස්ථාන 200කට ලක්ෂ 200ක මුදලක් ලබා දීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

    අමාත්‍යවරයා 2013 ඔක්තෝබර් 07 වැනි දින වැඩ භාර ගැනීමෙන් පසු  සිදු කළ සොයා බැලීමේදී පහසුකම් නැති ගරා වැටී ඇති පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල පළාතේ තිබෙන බවට අනාවරණය විය. අභාවයට ගොස් ඇති විහාරස්ථාන ප්‍රමාණය 400කට අධිකය. 


    එහිදී වයඹ පළාතේ ආගමික සහජීවනය සහ සංවර්ධනය වෙනුවෙන් ''සසුනට සවිය '' වැඩසටහන ආරම්භ කර සියලු ම  ආගමික ස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලදී.  
    ආගමික ස්ථාන  නගාසිටුවීම  මගින්   ඒ ඒ ආගමික ස්ථානවල පහසුකම් සහිතව ආගමික කටයුතු කරගෙන යාමට මහා සංඝරත්නයට, පූජකවරුන්ට, කුරුක්කල්වරුන්ට සහ මව්ලවිතුමන්ලාට මෙමගින් හැකියාව ලැබෙනු ඇත . 



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya