ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර සහ පොලොන්නරුවේ මාර්ග කිලෝ මීටර් 560ක් කාපට් කෙරේ

    ඔක්තෝබර් 02, 2014

    මේ වසරේ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකෙහි මාර්ග කිලෝ මීටර් පන්සිය හැටක් කාපට් කිරීම සඳහා උතුරු මැද පළාත් සභාව සහ ආසියානු සංවර්ධන බැංකුව ගිවිසුම් ගත වූ බවත් එම මාර්ග පසුගිය කාලයේ මෙන් කිසිදු ගසා කෑමකින්, අක‍්‍රමිකතාවකින් හෝ දූෂණයකින් තොරව නිසි පරිදි, නිසි ප‍්‍රමිතියෙන් යුතුව සිදු කළ බවත් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    තඹුත්තේගම නගරයේ කිලෝ මීටර් 04ක සේවා මාර්ගය, මාර්ග සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප‍්‍රතිපාදන මත රුපියල් මිලියන 120ක වියදමෙන් කාපට් ඇතිරීමේ කටයුතු ඊයේ (01) ආරම්භ කරමින් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, උතුරු මැද පළාතේ මාර්ග සංවර්ධනය සඳහා ජනාධිපතිතුමාගෙන් එස්.එම්. චන්‍ද්‍රසේන ඇමැතිතුමාත්, මමත් කළ ඉල්ලීමක් මත මෙ මාර්ග සංවර්ධනය සිදු කෙරෙනවා. මේ මාර්ග සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය ප‍්‍රතිපාදන සපයන අතර මේ වන විට අදාළ මාර්ග සඳහා ඇස්තමේන්තු සකස් කරමින් සිටිනවා. ඉකුත් 28 වෙනිදා පළාත් සභාවත් ආසියානු සංවර්ධන බැංකුවත් ගිවිසුම් ගතවුණා.

    මේ ව්‍යාපෘතිය යටතේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම අවම වශයෙන් කිලෝමීටර් 18ක් කාපට් කිරීම සිදු කෙරෙනවා. මෙතෙක් උතුරු මැද පළාතේ ප‍්‍රධාන මාර්ග රැසක් නඩත්තුවක් හෝ සංවර්ධනයක් නොකර තිබෙන එවා තිබුණා. ඒ අතර උදාහරණයක් ලෙස කලාවැව මැතිවරණ කොට්ඨාසයේ රාජාංගනය-පුත්තලම් හංදිය මාර්ගය පෙන්වා දිය හැකියි. ඒ මාර්ගයේ කිලෝමීටර් 18ක් අවුරුදු 50කට පසුව කාපට් කෙරෙනවා. මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයේ ලබුනෝරුව-මුරියාකඩවල මාර්ගය ඇතුළු ව එම මැතිවරණ කොට්ඨාසයේ පමණක් මාර්ග 10ක් කාපට් කරනවා. මේ මාර්ග පළාත් සභාවට අයත් ඒවා මෙන් ම ප‍්‍රාදේශීය සභාවලට අයත් ඒවාත් තිබෙනවා.

    මේ අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, තලාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති උපාලි ගුණරත්න යන මහත්වරු ඇතුළු තඹුත්තේගම ව්‍යාපාරිකයන් පිරිසක් ද එක්වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya