ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුවට නව ග්‍රාම නිලධාරීන් 71ක්

    ඔක්තෝබර් 03, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගන්නා ලද නවක ග්‍රාම නිලධාරීන් 71 දෙනෙකු සඳහා විධිමත් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.


    නවක ග්‍රාම නිලධාරීන් 18 දෙනෙකු පුහුණුව සඳහා අනුයුත්ත කිරීමේ ලිපි ප්‍රදානය කිරීමක් ද මේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයන් සිදු කෙරිණි.

    මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මහජනතාව වෙනුවෙන් ලබා දී ඇති කාර්යාල දිනය කිසි ලෙසකින්වත් අතපසු නොකරන ලෙසයි. මහජනතාවට සේවය කිරීමේදී අපට කළ හැකි දේ ඉටු කළ යුතු බවත් සාමාන්‍ය මිනිසුන්ගේ දුක්ගැනවිලි, ප්‍රශ්න කරදරයක් ලෙස නොසිතන ලෙසත් ඔහු සඳහන් කළේය.

    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත්, ප්‍රධාන පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.

    NDH/WK-BG- dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya