ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අමාත්‍ය රාජිත පැරෑලියේ සාම්බරා මහතාගේ රැවුල කපයි

    ඔක්තෝබර් 03, 2014
    ගාල්ල දිස්ත‍්‍රික්කයේ පැරෑලිය ධීවර නැංඟුරම් පොළට මුල්ගල් තැබීම පසුගියදා  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් හික්කඩුව පැරෑලියේ ධීවර තොටුපොළ සෑදීම වෙනුවෙන් රැවුල වවාගෙන කැපකිරීමක් කළ සාම්බර් මහතාගේ රැවුල ද කතුරකින් කපන ලදී.
     
    මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය. "දැන් මම මෙහේදී ඇවිල්ලා පොරොන්දු වුණා පැරෑලිය හදලා සාමිබර් මහත්තයාගේ රැවුල ප‍්‍රසිද්ධියේ වේදිකාව උඩ කපනවා කියලා. එදා කිව්වා රැවුල නොකැපුවොත් මම පෑරලිය හදන්නේ නැහැ කියලා. ඒ නිසා ඉස්සෙල්ලා ම එතුමාගේ රැවුල කපලා ඉන්නවා. රැවුල කැපුවහම එතුමා ව අඳුනගන්න බැරිවේවි." යැයි රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    පෑරෑලියේ සාම්බරා මහතා පැරෑලිය ධීවර නැංඟුරම්පොළ කෙදිනක හෝ හදන තුරු සිය රැවුල කපන්නේ නැති බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටි අතර ගෙවී ගිය වසර ගණනාවේදී ම ඔහු සිය රැවුල නොකපා සිටියේය. ධීවර අමාත්‍යවරයා පැරෑලිය නැංඟුරම් පොළට මුල්ගල් තබන උත්සවයේදී පළමුවෙන් ම කරනු ලැබුවේ සාම්බරා මහතාගේ රැවුල කපා දැමීමයි. 
     
    නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් පී. ද සිල්වා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සී-නෝර් කළමනාකාර අධ්‍යක්ෂ උජිත් අනුරාධ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya