ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ අවතැන්වූවන්ට මිලියන 300ක්

    ඔක්තෝබර් 06, 2014
    උතුරු ප්‍රදේශයේ යුදමය තත්ත්වයන් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙත වන්දි ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 300ක මුදලක් අනුමත කොට ඇත. එම මුදලින් රුපියල් මිලියන 110ක් මේ වන විටත් රජය විසින් ජනතාව වෙත ලබාදී ඇත.
     
    යුද්ධය හේතුවෙන් දෑත් දෙපා අහිමිවූවන් මෙන් ම නිවාස හා දේපළවලට හානි වූවන්ට මෙලෙස වන්දි මුදල් ලබාදීම සිදු කෙරේ.
     
    2014 වසර අවසන් වීමට ප්‍රථම මෙම වන්දි මුදල් ප්‍රදානය කොට අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.
     
    මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ 12දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පවුල් 1500ක් සඳහා රුපියල් මිලියන 130ක් වටිනා වන්දි මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. 
     
    යුද්ධය හේතුවෙන් විනාශ වූ ස්ථාන 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරමින් පවතී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya