2024 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනට අදාළව කලුතර දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා වැඩසටහන පසුගියදා කළුතර විද්‍යාලය ජාතික පාසලේ දී සාර්ථක අන්දමින් පැවැත්විණ.
කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය මොරපිටියේ ධම්මතිලක නාහිමිපාණන් වහන්සේගේ හා දිස්ත්‍රික් සාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය තලගල සුමනරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ. ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මෙම නිපුණතා තරගාවලිය පවත්වන ලදී.