ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කිරීමට කිරි ගවයින් 20,000ක්

    ඔක්තෝබර් 16, 2014

    ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් වසර 2016 වන විට ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහන යටතේ සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ කිරි ගොවින් නගාසිටුවීමේ අරමුණින් කිරි ගවයින් 20,000ක් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සේවා ගිවිසුමකට ඊයේ අත්සන් තැබීය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ කිරි ගොවියා ශක්තිමත් කිරීමට සහ පශු කර්මාන්තය නඟාසිටුවීමට ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන යටතේ උසස් තත්ත්වයේ කිරි එළදෙනුන් 2000ක් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වීම 2012දී අරඹන ලදී. මේ යටතේ අභිජනනයෙන් ලබාගත් කිරි ගවයින් 1,500ක් උඩරට සහ වියළි කලාපයේ කිරි ගොවීන් වෙත ලබා දුන් අතර එහි ඉමහත් සාර්ථකත්වය හේතුවෙන් මෙසේ තවත් කිරි ගවයින් 20,000ක් ආනයනය කිරීම සිදු කෙරේ.

     

    මෙම සේවා ගිවිසුම සඳහා අත්සන් තැබීම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ ඕස්ට්‍රේලියානු ආයතනයේ වෙළෙඳ අධ්‍යක්ෂක ස්කොට් බේරෙට්වෙට් මහතා අතර සිදුවූ අතර එම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මහත්මියද සහභාගි වූහ.

     

    ශ්‍රී ලංකාවේ දැනට කිරි අවශ්‍යතාවෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය වන්නේ සියයට 42ක ප්‍රමාණයකි. ඉතිරි සියයට 48 ප්‍රමාණය විදේශයන් ගෙන් ආනයන කිරීම සිදුවන අතර ඒ සඳහා වාර්ෂිකව වැයවන මුදල ඇමරිකානු ඩොලර් කෝටි 30කි. වර්තමාන රජය පත්වූ 2005 වසරේ සිට වසර 2013 දක්වා සසඳන කළ මුළු දියර කිරි නිෂ්පාදනය කිරි ලීටර් දසලක්ෂ 128කින් වැඩි වී ඇත. එය සියයට 56ක වැඩිවීමකි.

     

    දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරි ගොවීන්ගේ සංඛ්‍යාව 238,321ක් වන අතර ලියාපදිංචි නො වූ සුළු කිරි ගොවීන් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය. උසස් තත්ත්වයේ කිරි ගවයින් තව ලක්ෂ 03කින් කිරි දොවා ගත් විට ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කළ හැකි බව පශු සම්පත් විශේෂඥයින්ගේ අදහස වී තිබේ. ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය නිෂ්පාදන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දෛනික කිරි පරිභෝජනය මිලි ලීටර් 134කි.

     

    දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ දියර කිරෙන් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළ මගින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා හොඳ වර්ගයේ එළදෙනුන් පිටරටින් ගෙන්වීම, ගව ගාල් ඉදිකර දීම, තෘණ වගාව ප්‍රචලිත කිරීම, බැංකු ණය විශේෂිත සහන පොලී යටතේ ලබාදීම, කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සහ කිරි ගොවීන් දිරිමත් කිරීම සිදු කෙරේ.

     

    මෙම සේවා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, ඕස්ට්‍රේලියානු නියෝජිතයින් වන කරීන් කොබලෙට්ස්, කොලීන් වෙබ්, ජොනන් වසීර්මන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

    HC/DW_med

     

    The liquid milk revolution

     

    The liquid milk revolution 1

     

    The liquid milk revolution 2

     

    The liquid milk revolution 3

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya