ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ

    ඔක්තෝබර් 19, 2014
    කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ පොතුහැර - රඹුක්කන සහ රඹුක්කන - ගලගෙදර මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු අද (19) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
     
    පොතුහැර - රඹුක්කන කොටස දිගින් කිලෝ මීටර් 17.5ක් වන අතර රඹුක්කන සිට ගලගෙදර දක්වා වු කොටස දිගින් කිලෝ මීටර් 18කින් යුක්ත වේ.
     
    මෙලෙස කොළඹ අධිවේගී මාර්ගය කොටස් වශයෙන් ඉදිකිරීමට තීරණය කොට ඇත්තේ ගතවන කාලය සීමා කරගැනීම සඳහාය. 
     
    පළමු අදියට යටතේ එඩේරමුල්ල - ගලේවෙල සහ පොතුහැර - ගලගෙදර දක්වා මාර්ගය මංතීරු 04ක් යටතේ ඉදිකෙරේ. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 300ක් වැය කිරීමට නියමිතය.
     
    උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු කොළඹ සිට මහනුවරට විනාඩි 45කින්, දඹුල්ලට පැයකින් ද ගමන් කළ හැකිය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya