ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ද්‍රවිඩ කොටි ත්‍රස්ත්‍රවාදීන් යළි ඊලාම් සිහිනය මල්ඵල ගැන්වීමට එජාපය සමඟ එක් වී කටයුතු කරනවා

    ඔක්තෝබර් 23, 2014

    ද්‍රවිඩ කොටි ත්‍රස්ත්‍රවාදීන් යළි ඊලාම් සිහිනය මල්ඵල ගැන්වීමට එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී කටයුතු කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය දා කෑගල්ල නගර ශාලාවේ පැවැති කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම්වල හා නිවාසවල හිමිකම් ඔප්පු ලබා දීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතමිනි.

     

    මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා පුහුණුව ලැබූ වඩු හා පෙදරේරු ශිල්පීන් 310දෙනෙකු  සඳහා සහතික ලබා දීම ද සිදු ක‍ළේ ය.තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා "2010 ත්‍රස්ත්‍රවාදීන්ට කර ගත නොහැකි දේ 2015 ඉටුකර ගැනීමට කටයුතු කරනවා. රනිල් වික්‍රමසංහ මහතා යුරෝපයට ගිහින් කොටි තහනම ඉවත් කිරීමට කටයුතු කළා. දෙමළ  අන්තර්වාර ඊලාම් සංසදයේ රුද්‍රකුමාර් හමුවෙලා තියෙනවා. යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීමත් සමඟ ම ඒ රටවල එල්.ටී.ටී.යට මුදල් එකතු කරන්න පුළුවන් වෙනවා‍. ඒ හරහා තමන්ගේ ඊලමට සහය දෙන ලංකාවේ පාලකයෙකු පත් කිරීමට එම මුදල් විදයම් කිරීමට සූදානම්. ඉදිරියේ දී මැලේසියාවේ දී පැවැත්වෙන ගෝලීය දෙමළ සංධානයේ රැස්වීමට ද වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබිලා. එහි ඊමේල් ලියුම අප ළඟ තියෙනවා. ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය කිසිදු වෙනසක් ඇති නොකර ක්‍රීයාත්මක කරන බව වික්‍රමසිංහ මහතා පැවැසීම තුළින් යළි උතුරට ඉඩම්, පොලිස් බලතල ලැබීමත් උතුරු නැගෙනහිර ප්‍රදේශ යළි ඒකරාශී වීම තුළින් දිනු නිදහස ආපස්සට හැරවීමට කටයුතු කරනවා.


    ද්‍රවිඩ ජාතික සංධානය උතුරෙන් හමුදාව ඉවත් කළ යුතු බව ප්‍රකාශය කර තිබෙනවා.


    අද රට තුළ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය කටයුතු කර ගෙන යනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කර ඇත. පසුගිය දා නේපාලයේ කත්මන්ඩු නුවර තිබුණ සාක් සංවිධානයේ රැස්වීමක දී සංවර්ධනය පිළිබඳ ආදර්ශයක් ශ්‍රී ලංකාවෙන් ගත හැකි බව ප්‍රකාශ කර තිබෙනවා. ලංකාවේ ජනගහණයෙන් සියයට 81කට පමණ අද ස්ථීර නිවාස තිබෙනවා. වික්‍රමසිංහ මහතා බලයේ සිටි 2000, 2002 කාලයේ නිවාස සංවර්ධන අධිකාරිය පවා වසා දැමීමට තිබූ ලේඛනය පවා අප ළඟ තියෙනවා. ඒ ආකාරයටයි නිවාස ප්‍රශ්නයට විසඳුම් දුන්නේ. 2010 පසු ව වර්තමාන ආණ්ඩුව විසින් එතෙක් වාර්ෂික ව සෑදූ නිවාස ලක්ෂය වෙනුවට වාර්ෂික ව නිවාස ලක්ෂ හතර බැගින් සෑදීම ආරම්භ කළා. 



    අද උතුරේත් නිවාස හදලා ජනතාව පදිංචි කරවනවා. ඉදිරියේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ ශිල්පීන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන අතර ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම කෙරෙහි ද අවධානය යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට වසර පහකට පමණ පෙර මේ රටේ අහස බෝම්බ දුම්රොටුවලින් සංවර්ධනයේ අරුණැල්ල වැහිලා තිබුණේ. අද ඒ තත්ත්වය වෙනස් වෙලා. සංවර්ධනයේ අරුණැලි පොළවට වැටී තිබෙනවා. දැන් ඡන්දය එන කොට එක එක දේශපාලන මනි බඩුකාරයෝ එනවා ජනතාව රවටන්න. යම් යම් සටන් පාඨ අරගෙන. නමුත් ඒවා තාවකාලික ව පමණයි පවතින්නේ. ජනතාව ඒවාට නොරැවටී දිනූ නිදහස ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතුයි" ද පැවැසීය.


    මෙම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල සහ සබරගමුව පළාත් සභා මන්ත්‍රී තාරක බාලසූරිය, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, දැරණියගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංග සිරිවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක උපාලි ජිනදාස, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කළමනාකරු පී.ඒ.එස්.ආර්. ආරියවංශ යන මහත්වරු ද සහභාගි වී සිටියහ.



    ECB/LT/DP_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya