ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගොවි ගැටලු සෙවීමට දිවයින පුරා ගොවි හමු

    ඔක්තෝබර් 25, 2014

    ගොවීන්ගේ ගැටලු සොයා බැලීමේ අරමුණෙන් දිවයින පුරා ගොවි හමු පැවැත්වීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර ඇති අතර එහි සමාරම්භය සනිටුහන් කරමින් ප‍්‍රථම අදියර නැගෙනහිර පළාතෙන් ආරම්භ විය.


    ඒ අනුව නැගෙනහිර පළාතේ මඩකළපුව සහ ත‍්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවල ගොවි හමු පසුගියදා අදාළ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවලදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

    මෙහිදී අදහස් පළ කළ ලේකම්වරයා, කෘෂි නිලධාරීන්, ගොවීන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳ ව සඳහන් කළේය. මඩකළපුව දිස්ත‍්‍රික්කය විශාල ගොවි ප‍්‍රජාවක් ජීවත්වන කෘෂිකාර්මික දිස්ත‍්‍රික්කයකි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම විසින් අමාත්‍යාංශය කෘෂිකාර්මික වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට පෙර ඒ ගැන ගොවි සංවිධානවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කරන ලදී. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවීන් අතර පවතින සන්නිවේදන දුර්වලතා මඟහරවා ගනිමින් කාර්යක්ෂම සන්නිවේදන ජාලයක් ගොඩනගා ගැනීමත් මෙම ගොවි හමුවල තවත් අරමුණකි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන් වෙනුවෙන් ක‍්‍රියාවට නංවනු ලබන වැඩසටහන් පිළිබඳ ගොවීන්ට නිසි අවබෝධයක් නොමැතිවීම නිසා ගොවියා සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර යම් දුරස්ථභාවයක් නිර්මාණය වී තිබේ. මේ තත්ත්වය මඟහරවා ගැනීමට නම් මේ ආකාරයෙන් කෘෂි නිලධාරීන් සහ ගොවීන් මුහුණට මුහුණ හමු වී කෘෂිකාර්මික ගැටලු පිළිබඳ ව සාකච්ඡා කිරීම වැදගත් වේ. රජය මේ වන විට ගොවියාගේ ආදායම් ඉහළ නැංවීමට වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර ඇත. වී සඳහා සහතික මිලක් ලබාදීම, ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය නැවත ස්ථාපනය කිරීම, අඛණ්ඩව පොහොර සහනාධාරය ලබා දීම වැනි ක‍්‍රියාමාර්ග හරහා ගොවියාට සහන
    රාශියක් හිමි වී තිබේ.

    අතිරේක බෝග වගාව ව්‍යාප්ත කිරීම සඳහා ද මේ වන විට වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. වගාවේදී පැන නගින ගැටලු සඳහා උපදෙස් ලබාදීමට ප‍්‍රාදේශීය මට්ටමින් කෘෂි නිලධාරීන් පත්කර ඇති නිසා ගොවීන්ට කඩිනමින් ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වී තිබේ. නොසිතූ අවස්ථාවල මුහුණ දීමට සිදුවන නියඟයට ඔරොත්තු දෙන පරිදි නවීන තාක්ෂණික උපක‍්‍රම භාවිත කළ යුතුය. ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, විසිරි ජල ක‍්‍රමය වැනි නවීන තාක්ෂණය දේශීය කෘෂිකර්මාන්තයට යොදා ගත යුතුය. 2015 වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩසටහන් සකස් කිරීමට පෙර ගොවීන්ගේ ද අදහස් ද සලකා බලා ඒ අනුව ගැළපෙන වැඩසටහන් නිර්මාණය කිරීමට හැකි වනු ඇත. කෘෂිකර්ම නිලධාරීන් කාර්යාලයේ නොඉද ක්ෂේත‍්‍රයට ගොස් ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ඔවුන්ට නිසි මාර්ගෝපදේශනය ලබා දිය යුතුය. කෘෂි ව්‍යාප්ති සේවාව පුළුල් කිරීම සඳහාඅතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රදේශයකට කෘෂි නිලධාරීන් තිදෙනෙක් බැගින් බඳවා ගැනීමට ප‍්‍රතිපාදන වෙන් කර තිබේ. එවිට ගොවීන්ට වඩා සමීප කෘෂි සේවාවක් සැපයීමට අවස්ථාව උදා වනු ඇති බව ලේකම්තුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya