ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුව වයඹ යා කරමින් ද්විත්ව මං තීරු මාර්ගයක්

    ඔක්තෝබර් 27, 2014
    සබරගමුව සහ වයඹ පළාත් යා කරමින් රඹුක්කන කටුපිටිය දංබොක්ක හරහා කුරුණෑගල තෙක් මාර්ගය මං තීරු දෙකකින් සමන්විත ව කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පසුගිය දා රඹුක්කන නගරයෙන් ආරම්භ විය.
     
    රඹුක්කන සිට දංබොක්ක දක්වා කිලෝමීටර් 14කින් සමන්විත එකී මාර්ගය මංතීරු දෙකක් සහිත ව කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යංශය වැය කරන මුදල රුපියල් ලක්ෂ 3000කි.
     
    කිලෝමීටර් 14කින් සමන්විත දංබොක්ක සිට කටුපිටිය හරහා රඹුක්කන තෙක් ඇති මාර්ගයේ රඹුක්කන නාගරික සීමාවට අයත් කිලෝමීටර් 1.5ක ප්‍රමාණයේ මාර්ගය මංතීරු 04කින් සමන්විත ව කාපට් අතුරා සකස් කිරීම ද මෙම මාර්ග ව්‍යාපෘතියට අයත් වේ.
     
    දිවයිනේ සංචාරක කේන්ද්‍රයක් බවට පත් ව ඇති පින්නවල අලි අනාථාගාරය සහ ඉදිරියේ දී විවෘත කිරීමට නියමිත වාගොල්ල සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට පහසුවෙන් මෙම ප්‍රදේශයට ප්‍රවේශ වීමට මේ හරහා අවස්ථාව සැලසෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya