ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මරදාන "සාමපුර" මහල් නිවාස ව්‍යාපෘතිය අද ජනතා අයිතියට

    ඔක්තෝබර් 29, 2014
    රුපියල් මිලියන 46.5 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරනු ලැබූ කොළඹ 10, මරදාන, "සාමපුර" මහල් නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (29) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන  "ජන සෙවණ" ජාතික  නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව නගමු පුරවර පැරණිමහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කර තිබේ.
     
    මෙහි පිහිටා ඇති නිවාස ගණන 136 කි. මෙහි A,B,C,D,E,F,G,H,J යනුවෙන් ගොඩනැගිලි 9ක් පිහිටා ඇත. A ගොඩනැගිල්ල 1977 දී ද, B ගොඩනැගිල්ල 1980 වර්ෂයේ ද, C හා D ගොඩනැගිලි 1984 වර්ෂයේ ද, E,F,G,H හා J යන ගොඩනැගිලි 1988 වර්ෂයේ දී ද ඉදිකර තිබේ. මෙම නිවාස ව්‍යාපෘතියේ වර්ග අඩි 400 සිට 800 දක්වා ප්‍රමාණවල නිවාස පිහිටා ඇත.
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම නිවාස ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කර තිබේ.
     
    නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හිරුණිකා ‍ප්‍රේමචන්ද්‍ර, රොජර් සෙනෙවිරත්න, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්.විමලසිරි පෙරේරා යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, නිලධාරීන්, නිවාසවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya