ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සිවිල් ආරක්ෂක රණවිරුවන් කළ සේවයට උපහාර මෙවර අය-වැයෙන්

    ඔක්තෝබර් 29, 2014


    තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සිවිල් ආරක්ෂක රණ විරුවන් කළ සේවයට උතුම්ම උපහාරය මෙවර අ‍යවැයෙන් ලබාදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කටයුතු කර ඇතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


    එනම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් වැටුප් වැඩිවීම මෙන් ම ත්‍රිවිධ හමුදා රණ විරුවන්ගේ දෙමාපියන්ට පමණක් මාසික ව ලබා දුන් රුපියල් 750ක දීමනාව 2015 වසරේ සිට රුපියල් 1000 දක්වා වැඩි කර පොලීසියේ මෙන් ම සිවිල් ආරක්ෂක සේවාවේ නිරත රණ විරුවන්ගේ දෙමාපියන්ට ද ලබාදීමට මෙවර අය-වැයෙන් පියවර ගෙන තිබීම තුළින් එය පැහැදිලි වන බව අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.


    අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා‍ගේ ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දී ඇති රුපියල් ලක්ෂ 52ක ප්‍රතිපාදන යටතේ ඉදිකිරීමට නියමිත මැදවච්චිය මහජන ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.


    එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, “යුද්ධය පැවති සමයේ ගම්බිම් ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන් කටයුතු කළ ග්‍රාමාරක්ෂක භටයන්ට සුදුසු වැටුපක් සහ පිළිගැනීමක් ලබාදෙමින් එම සේවාවට ගෞරවනීය තත්ත්වයක් ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ  නිරන්තරයෙන් රණවිරුවන්ගේ දුක සැප සොයා බැලූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා යි.                                      


    ඒ වගේ ම ග්‍රාමාරක්ෂක සේවාව, පසුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බවට පත් කරමින් එදා ඔවුන් තම ජීවිත කැප කරමින් අහිංසක ගම්වැසියන් ආරක්ෂා කිරීමට කළ කැපවීම අගය කර තිබෙනවා.


    එදා ග්‍රාමාරක්ෂක සේවාවේ වැටුප වැඩි කිරීමට මා පාර්ලිමේන්තුවේ දී කතා කළ විට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ‘කවුද ඔය ග්‍රාමාරක්ෂක භටයන් කියන්නේ’ කියා මගෙන් විමසුවා. විපක්ෂයේ තත්ත්වය ඊට වඩා වෙනස් වී නැති බව අද කරන කියන දෙයිනුත් පේනවා.”


    මෙම අවස්ථාවට මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.එන්. පීරිස්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.ඒ.කේ.සී. මැන්ඩිස් යන මහත්වරු ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya