ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කඩුවෙල මහජන පොළ සඳහා මුල්ගල තබයි

    ඔක්තෝබර් 29, 2014
    කඩුවෙල නගරයේ ඉදිකරනු ලබන මහජන පොළ සඳහා මුල් ගල තැබීමේ උත්සවය ඊයේ (28) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
     
    මෙහිදී ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි ආරක්ෂක ලේකම්තුමා විසින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් මෙම පොළ ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.
     
    මුල්ගල තැබීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ලෝකයේ ඇති හොඳ ම තාක්ෂණ ක්‍රම යොදා ගන්නා බවත් ගංවතුර පාලනය වන පරිදි හා අවට පරිසරය මහජන සෞඛ්‍ය සඳහා වඩාත් හිතකර වන ආකාරයෙන් සිදු කරනු ලබන බවත් පැවසූ අතර මෙම නිර්මාණශීලී සංවර්ධන ව්‍යාපෘතීන් කෙරේ. අද වන විට මෙරටට පැමිණෙන විදේශිකයන්ගේ ද පැසසුම් ගලා එමින් පවතින බව ප්‍රකාශ කර සිටියේය. 
     
    එසේ ම මෙම සංවර්ධන ව්‍යාපෘතීන් සමඟ ම කඩුවෙල නගරයේ ඇති ඉඩම්වල අගය තවදුරටත් වැඩිවන බවද රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේය. 
     
    මෙම මහජන පොළ සඳහා ඉදිකරනු ලබන ගොඩනැගිලි සංකීර්ණය මගින් වෙළෙඳුන් 300කට පමණ සිය වෙළෙඳාම් කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා ඉඩකඩ සැලසෙන අතර ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් ඉදිකරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 85ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කෙරේ.
     
    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් තැපැල් ස්ථාන 08ක් සඳහා බයිසිකල් 30ක් බෙදාදීම ද මෙම ස්ථානයේදී සිදු කෙරිණ.
     
    මෙම අවස්ථාව සඳහා මහා සංඝ රත්නය ඇතුළු ව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ, කඩුවෙල නගරාධිපතිතුමා, ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ සභාපති හර්ෂාන් ද සිල්වා යන මහත්වරු ද සහභාගී වි සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya