ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මීරියබැද්ද නිවාස අහිමිවූවන්ට ජන සෙවණින් නව නිවාස

    ඔක්තෝබර් 30, 2014
    හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ ඊයේ (29) දින සිදු වූ නායයාමෙන් නිවාස අහිමි වූ පවුල්වලට නිවාස ලබාදීමට "ජන සෙවණ" ජාතික නිවාස වැඩසටහන යටතේ මැදිහත් වීමක් සිදුකරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
     
    විපතට පත්වීමෙන් අහිමි වූ නිවාස පිළිබඳ ව තොරතුරු කඩිනමින් සොයා බලන ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ 
    නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. 
     
    දැනට එම පවුල් තාවකාලික ව ජීවත් වන ස්ථාන සොයා බලන ලෙසට ද අමාත්‍යවරයා දැනුම් දී ඇත. මෙම නාය යාමෙන් පේළි නිවාස 70ක් (ලයින් කාමර 70ක්), තනි නිවාස 3ක්, ප්‍රජා ශාලාවක්, ළදරු පාසලක්, ආගමික ස්ථාන ඇතුළු පොදු පහසුකම් රැසක් ද විනාශ වී ගොස් තිබේ.
     
    නාය යාමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වල ඥාතීන්ට හා විපතට පත්වූ පවුල්වල සාමාජිකයන්ට තමන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya